වන දිවියේ අසිරිය විදගන්න
යාල අභය භුමිය කියන්නේ ලංකවේ දෙවෙනි විශාලම අභය භුමිය. ඒ වගේම තමයි ලෝකෙන්ම වැඩිම දිවියන් ප්‍රමාණයක් ඉන්නෙත් මේ අපේ රටේ තියන යාල අභය භුමියේ. යාල බලන්න යන කෙනෙක්ට දිවියෝ, අලි, ගොන්නු, තිත් මුවන්, නරි, මුගටි වගේම විවිධ වර්ගයේ කුරුල්ලනුත් දැක බලා ගන්න පුළුවන්. යාල බලන්න යන්න හොදම කාලය තමයි පෙබරවාරි සිට ජුලි දක්වා.