දඹුලු ලෙන් විහාරය

බෞද්ධයන්ට ඉතා වැදගත් විහාරයක් වන රන් විහාරය ලෙස හඳුන්වන දඹුලු ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ දඹුලු ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙම රාජකීය ගල් විහාරය මධ්‍යම පළාතේ පිහිටා තිබෙන ලෝක උරුමයක් ලෙස 1991 දී නම් කර තිබෙනවා. මෙම විහාරයේ එකිනෙකට වෙන්වූ ගල්ගුහා පහක් පිහිටා තිබෙනවා. එම ලෙන් පහේ ගල් සිතුවම් හා බුද්ධ ප්‍රතිමා 150 පමණ දක්නට ලැබෙනවා. මෙය ශ්‍රී ලංකාවට වඩා වැදගත් හා අද්විතීය චිත්‍ර කලාවක් මෙයින් පිළිබිඹු කරනවා. ඔබ මධ්‍යම පළාතේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු ස්ථානයක් තමයි දඹුලු ලෙන් විහාරය.

පුරාණ කාලයේ බෞද්ධ ආගමික ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දඹුලු ලෙන් විහාරය මගින් සොයා ගත හැකි වෙනවා. ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ සිට දඹුලු ලෙන් විහාරය වන්දනීය ස්ථානයක් බවට විශ්වාස කරනවා. වළගම්බා රජතුමා ( වට්ටගාමිණී අභය යනුවෙන් ද හැඳින්වෙන) අනුරාධපුර රාජධානියෙන් නෙරපා හැරීමෙන් පසු මෙහි ආ බව සඳහන් වෙනවා. දඹදෙනියේ ඔහු සින්හාරූඩ වූ පසු මෙම ගල් ගුහා ඇතුලත මේ ආකාරයට සිතුවම් නිර්මාණය කර තේජවන්ත පන්සලක් බවට දඹුලු ලෙන් විහාරය පත් කරලා තිබෙනවා. පසුකාලීනව රාජ්‍යත්වයට පත් වූ රජවරු ද මෙම ගුහා තුළ තවත් සිතුවම් නිර්මාණය කලා. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් මෙම සිතුවම් හා ප්‍රතිමා ප්‍රතිස්ථාපනය කිරීමට විශාල දායකත්වයක් ලබාදී ඇති අතර ඔහු මෙම ස්ථානය රන් ගිරි යනුවෙන් නම් කර තිබෙනවා.

ඔබ විහාරස්ථානයට ඇතුළු වන විට ඔබට විශාල රන් බුදු පිළිමයක් දැක ගත හැකි වෙනවා. නිල් අහසත් සමග දිස්වෙන මෙම බුදුපිළිම වහන්සේ අති විශිෂ්ට නිර්මාණයක් වනවා. ඔබ විහාරස්ථානයට ඇතුළු වන විට ගල් පඩි පෙළවල් දෙකක් පිහිටා තිබෙනවා. එකක් රන් පිළිම වහන්සේ වෙත ගමන් කරන අතර අනෙක ගල් ගුහා වෙත ගමන් කරනවා. පළමුව බුදුන් වහන්සේ වැඳ පුදා ගෙන දෙවනුව ගල්ගුහා වෙත ගමන් කිරීම කළ යුතු වෙනවා. ගල වෙත ගමන් කරන විට ඔයාලාට ඉතාමත් සෝදිසියෙන් ඉන්න වෙනවා.ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ බහුල වශයෙන් ඉන්න රිලා රංචු. ඒ නිසා කිසිම ආහාරයක් හෝ මල් පිටතට ගන්න එපා. මේවා දුටුවහොත් ඔවුන් නිසැකවම පැමිණෙනවා. මෙම සතුන්ගේ හැසිරීම් සතුටින් භුක්ති විඳින්න. ඔබ ඔවුන්ට කිසිදු අනතුරක් නොකරන්නේ නම්, ඔවුන්ද ඔබට කිසිදු අනතුරක් නොකරනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෑමට යමක් පමණයි. හැබැයි මේ රිලවුන්ට කෑම දෙන්න යන්න එපා. මොකද මේ ප්‍රදේශයේ අධිකව රිලවුන් ගැවසෙන හින්දා ඔයාලට කෑම දීලා බේරෙන්න හම්බවෙන එකක් නම් නෑ. .

බුද්ධ ප්‍රතිමාව වන්දනා කිරීමෙන් පසුව ඔයාලාට ගල්ගුහා නැරඹීමට යාමට පුළුවන්. මේ සඳහා ඔබට මාර්ග දෙකක් තෝරා ගත හැකි වෙනවා. එකක් පඩිපෙළ ඔස්සේ ගමන් කිරීමට හැකි අතර අනෙක ඔබට නිදහසේ ඇවිද යාමට හැකියාව තිබෙනවා. මෙම ගල් ගුහා නැරඹීමට යාමට පෙර ඔබ මතක තබා ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි උදේ කාලයේ හෝ සවස් කාලයේ ගල් පර්වතයට යෑම කළ යුතු වෙනවා. දැඩි හිරු රශ්මිය පතිත වන නිසා මේ කාලය ඉතාමත් සුදුසුයි. මෙහිදී ඔබ කුඩයක් හෝ තොප්පියක් ගෙන යාමට අමතක නොකරන්න. ඒ වගේම වතුර බෝතලයක් ද රැගෙන යන්න.

පර්වතයෙන් අඩක් ගමන් කළ පසු ඔබට අයිස්ක්‍රීම් , අඹ , ජලය , මල් යනාදිය විකුණන දේශීය වෙළෙන්දන් දැක ගත හැකි වෙනවා. මෙම ස්ථානයේ ඔබට විවේකයක් ලබා ගත හැකි අතර මෙම ආහාරද රසවිඳිය හැකි වෙනවා. කලින් සඳහන් කළ පරිදි වඳුරු රංචු විශාල වශයෙන් ගැවසෙන නිසා ඔවුන් පිළිබඳ විමසිලිමත් වන්න. කිසිදු ආහාරයක් හෝ මල් අතැතිව ගමන් නොකරන්න. ඔබ ආහාර මිලදී ගත්තේ නම් ඒවා ඔවුන්ට නොපෙනෙන සේ රැගෙන යන්නට කටයුතු කරන්න. මෙහිදී ඔබට විවිධ වර්ගයේ දේශීය පාෂාණ වර්ග , දේශීය ඇඳුම් විලාසිතා හා නොයෙකුත් ප්‍රතිමාවන් මිලදීගත හැකි වෙනවා. මේවා ඔබට විශිෂ්ට ශ්‍රී ලාංකීය මතකයන් ලෙස රඳවා ගත හැකියි.

පර්වතය මුදුනට නැග්ග විට ඔබට විශ්මය ජනක දර්ශනයක් දැක ගත හැකි වෙනවා. පර්වත මුදුනේ සිට ඔබට අවට සිරි නැරඹීමට හැකියි. කිලෝමීටර් විස්සක් පමණ දුරින් ඔබට සීගිරිය දැක ගත හැකි වෙනවා.

කෙටි ඇඳුම් එසේ නොමැති නම් අසංවර ඇඳුමින් සැරසී ඔබට දඹුලු ලෙන් විහාරය තුළට ඇතුළු විය නොහැකියි. එමනිසා දිග කලිසම් / සාය හොඳින් උඩු කය ආවරණය වූ ඇඳුම් අඳින්න. එසේ නොමැති වුවහොත් ඔබට එම ස්ථානයෙන් ආවරණ රෙදි කිහිපයක් මිල දී ගැනීමට සිදු වෙනවා. ඒ ආකාරයට ඇඳ පැළඳගෙන ඔබට දඹුලු ලෙන් විහාරය තුළට ඇතුළු වී එහි බුදු පිළිම වහන්සේ වැඳපුදා ගෙන ගුහා තුළ ඇති සිතුවම් නිරීක්ෂණය කළ හැකි වෙනවා.

අන් සෑම තැනකම පවතින සංචාරක ප්‍රතිපත්තිය මෙහිදීද අදාළ වෙනවා. පොලිතීන් ප්ලාස්ටික් සහ ඕනෑම නොදිරන ආකාරය ද්‍රව්‍යයක් රැගෙන නොයෑමට වග බලා ගන්න. මෙහි ස්වභාව සෞන්දර්යය මතු පරපුරටත් විඳගැනීමට ඉතිරිවන සේ ආරක්ෂා කර ගැනීමට ඔබත් දායක වන්න.

Dambulla Temple Front View
Golden Buddha Statue Dambulla
Golden Buddha Statue Dambulla
Golden Buddha Statue Dambulla
Golden Buddha Statue Dambulla
Buddha Statue Painting, Dambulla
Monkeys at Dambulla
Monkey Family at Dambulla
Monkey is eating white lotus flowers at Dambulla Temple
Monkey is eating white lotus flowers at Dambulla Temple
Monkey is eating white lotus flowers at Dambulla Temple
Sleeping Monkeys at Dambulla
Monkeys at Dambulla
Views over the surrounding countryside
View of Sigiriya from Dambulla Rock
Mango Seller
Mango Seller
Mango Seller
Ice Cream selling at Dambulla Rock
Fabric Selling at Dambulla
Selling collectibles at Dambulla
Path to Dambulla Rock Temple
Dambulla Temple Dewalaya
Dambulla Temple bo tree
Dambulla Temple bo tree
Dambulla Rock with Temple
Rock paintings & Buddha Statues at Dambulla
Rock paintings & Buddha Statues at Dambulla
Rock paintings & Buddha Statues at Dambulla
Rock paintings & Buddha Statues at Dambulla
Rock paintings & Buddha Statues at Dambulla
Inscription Stone at Dambulla
Pregnant Monkey at Dambulla
Monkeys at Dambulla
Golden Buddha Statue Dambulla
Golden Buddha Statue Dambulla
View of Sigiriya with Golden Buddha Statue Dambulla
Panoramic view of Dambulla Rock Temple
Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License.

Contact DailyLife.lk

or drop an E-Mail to