ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ල : රාවණා ඇල්ල

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල. රාවණා ඇල්ල ඈත අතීතයේ ඉදලම හරිම ප්‍රසිද්ධ දිය ඇල්ලක්. පැරණි ජනප්‍රවාධ වල සදහන් වෙන විදිහට රාවණා රජ්ජුරුවෝ ඉන්දියාවේ ඉදන් සීතාව පැහැරගෙන ඇවිත් හංගාගෙන ඉදලා තියෙන්නේ මේ දිය ඇල්ලේ පිටුපස තිබුන ගුහාවක. ඒක නිසා තමයි මේ දිය ඇල්ලට රවණා ඇල්ල කියලා නම ලැබිලා තියෙන්නේ. ඇල්ල ප්‍රදේශයේ පිහිටලා තියන මේ දිය ඇල්ලේ සහ අවට පරිසරයේ තියන සුන්දරත්වය නිසාම රාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයින් අතර හරිම ජනප්‍රියයි.

රාවණා ඇල්ල දළ වශයෙන් මීටර් 25ක් පමණ උසයි. ඒ වගේම තමයි මේ දිය ඇල්ල ලංකාවේ තියන ගොඩක් පළල දිය ඇලි අතරින් එකක්. දිය ඇල්ල කදු මුදුනින් පටන් අරගෙන කොටස් කීපයකට බෙදිලා ගල් අතරින් පහලට ඇද හැලෙන්නේ බලන් ඉන්න කාගෙත් ඇසට හරි අපූරු දර්ශනයක් මවා පාමින්. දිය ඇල්ල පහළට වැටෙන තැන තියන ප්‍රදේශයේ සමහර අය නාන්න, සෙල්ලම් කරන්න එහෙමත් පෙළබිලා තියනවා. හැබැයි මේ ප්‍රදේශයේ ගල් හරිම ලිස්සන සුළු නිසා හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දිය ඇල්ලේ වතුර නොසිතු විදිහට එක පාරටම වැඩි වෙන්නත් පුළුවන්.

රවණා ඇල්ල උඩටම යනවනම් පොඩි කැලෑවක් මැද්දෙන් ටික දුරක් කන්ද උඩට ඇවිදගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් හරිම ලේසියෙන් ප්‍රධාන පාරේ ඉදන්ම උනත් රාවණා ඇල්ලේ ලස්සන ඔයාලට බලා ගන්න පුළුවන්.

ඇත්තටම ඔයත් ස්වභාවධර්මයට ආසා කරන, ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ ලංකාවේ තියන ලස්සනම දිය ඇලි අතරෙන් එකක් තමයි මේ රාවණා ඇල්ල. දිය ඇල්ලත් එක්ක බැදිලා තියන ඉතිහාසය හා පුරවුර්ත මේ දිය ඇල්ලේ රාජකීය බව හා ලස්සන තවත් වැඩි කරනවා. රාවණා ඇල්ලත් ඔයාලගේ සංචාරක ජීවිතේ අමතක නොවන මතක සටහනක් වේවි.

Ravana Falls
Ravana Falls
Ravana Falls
Ravana Falls

Contact DailyLife.lk

or drop an E-Mail to