පොඩි බබාලාට රුලං කෙසෙල් තලප
ඝන ආහාර ගන්න සුදානම් වෙන බබලාටයි ටිකක් ලොකු පොඩ්ඩන්ටයි දෙන්න පුළුවන් හොඳ ගුණ දායක කෑමක් තමයි මේ රුලං කෙසෙල් තලප එක. මේ තලප එක දරුවාට වයස මාස හතේ විතර ඉදන් හදුන්වලා දෙන්න පුළුවන්. රුලං කියන්නේ පොටෑසියම්, යකඩ සහ ප්‍රෝටීන් වලින් බහුල ආහාරයක් නිසා දරුවාගේ ශක්තිය වැඩි කරලා දවස පුරා ක්‍රියාකාරිව ඉන්න උදව් වෙනවා.