ඇල්ල පැත්තේ රවුමක් යමු

ලංකාවේ කොහේ ගියත් වැඩක් නෑ ඇල්ලේ යන්නේ නැතුව. ඇල්ල කියන්නේ දේශීය විදේශීය සංචාරකයන්ගෙන් පිරුන තැනක්. ඇල්ලේ ටවුන් එකට ගියහම අපි මේ ඉන්නේ ලංකාවේද කියලා හිතා ගන්නත් අමාරුයි. ඇල්ලේ ඒ තරමටම විදේශීය සංචාරකයෝ. ඇල්ලේ තියන ස්වභාවික සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි බලන්න තියන දේවලුත්. ඇල්ල රොක්, පුංචි ශ්‍රී පාදය, ආරුක්කු නවයේ පාලම, රාවණා ඇල්ල, දෙමෝදර වගේම ඇල්ල ටවුන් එකත් ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. මේ හැම තැනකම තියන සුන්දරත්වය එකිනෙකට දෙවැනි වෙන්නේ නෑ.

View of Ella Town from Ella Rock
Sunset over Ella Rock

ඇල්ලේ ගියොත් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තැනක් තමයි ඇල්ල රොක්. ඇල්ල රොක් නගින්න එච්චරම අමාරු නෑ. හැබැයි කන්ද පහල ඉදලා උඩටම යන්න පැය 02ක් විතර යනවා. මුළු ගමනටම පැය 4-5 අතර කාලයක් යනවා. ඇල්ල ටවුන් එකේ ඉදලා කිතල් ඇල්ල ස්ටේෂන් එකට ගිහින් ඇල්ල රොක් පටන් ගන්න පාරට වෙනකන් ටිකක් දුර පයින් ඇවිදගෙන යන්න ඕනේ. ඔයාලාට ගොඩක් දුර ඇවිදින එක ප්‍රශ්නයක් නැත්නම් ඇල්ල ටවුන් එකේ ඉදලම පයින් යන්න. රේල් පාර දිගේ මේ ඇවිද යන ගමනත් හරිම සුන්දරයි.

Drone view of Ella Rock

ඇල්ල රොක් නගින්න යන්න ඔයාලාට මග පෙන්වන්නෙක් ගන්න ඕනෙම නෑ. මේ ගමන තනියම උනත් යන්න පුළුවන්. හැබැයි මගදී එහෙට මෙහෙට යන්න පාරවල් තියන හින්දා යන්න කලින් හරියටම පාර බලා ගෙන යන්න. ඇල්ල රොක් නගින්න යන්න ඕනේ එක්කෝ ඉර පායන වෙලාවට. එහෙමත් නැත්නම් ඉර බහින වෙලාවට. මේ වෙලාවට කන්ද මුදුනේ ඉදන් හරිම ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. දවල් වෙලාවට ගියොත් රස්නේ ටිකක් වැඩි හින්දා ගමන ටිකක් මහන්සි වෙයි. ඒ වගේම තමයි කන්ද මුදුනේ පැයක් දෙකක්වත් ඉන්න බලා ගෙන යන්න.

On the way to Ella Rock
Looking down from Ella Rock
Looking down from Ella Rock

ඇල්ලේ තියන අනිත් හයික් එක තමයි පුංච් ශ්‍රී පාදය. එහෙමත් නැත්නම් ලිට්ල් ඇඩම්ස් පීක්. ලිට්ල් ඇඩම්ස් පීක් නගින එක ඇල්ල රොක් යනවාටත් වඩා හරිම ලේසියි. මේ කන්ද නැගලා පහලට බහින්නම යන්නේ පැය 2 1/2 ක් 3ක් විතර. කන්ද උඩට යනකන්ම පාර ලකුණු කරලා තියන හින්දා ඕනෑම කෙනෙක්ට වරදින්නේ නැතුව තනියම උනත් මේ කන්ද උඩට යන්න පුළුවන්. ලිට්ල් ඇඩම්ස් පීක් උඩටම නැග්ගහම අනිත් පැත්තෙන් ඇල්ල රොක් එක ලස්සනට බලා ගන්න පුළුවන්.

On the way to Little Adam's Peak
Panoramic Drone view of Little Adam's Peak
View from Little Adam's Peak

ඔයාලා ඇල්ලේ විනෝද ගමනක් යනකොට දවසින් දෙකෙන් නිකන් ගිහින් එන්න යන්න එපා. හොඳ දිග නිවාඩුවක් අල්ලලා දවස් 4ක් 5ක් වත් නතර වෙලා මේ හැම තැනකම බලා ගෙන එන්න යන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to