මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

ඇල්ල පැත්තේ සංචාරය කරන ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත හරිම ලස්සන ලංකාවේ විශේෂිතම දුම්රිය ස්ථානයක් තමයි දෙමෝදර. දෙමෝදර මේ තරමටම ප්‍රසිද්ධ වෙලා තියන්නේ දෙමෝදර ලූප් එක හින්දා. දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන භුමි ප්‍රදේශයේ ස්වභාවය නිසා මේ දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ දෙමොදරට එන දුම්රිය කන්ද වටේ වළල්ලක් ආකාරයට ගිහිල්ලා දුම්රිය ස්ථානය යට හදලා තියන බිං ගෙයක් තුලින් හරවලා යන විදිහට. දෙමෝදරින් පස්සේ තියන අධික බෑවුමට පිළියමක් විදිහට තමයි මේ විදිහට දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ. අතීතයේ පැවති ඉංජිනේරු තාක්‍ෂණයේ ආශ්චර්යය මේ දුම්රිය මාර්ගය මගින් අති විශිෂ්ට ලෙස පැහැදිලි කරනවා.

මේ අති ආකර්ශනීය දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ ඇල්ල හා උඩුවර යන දුම්රිය ස්ථාන අතර. ඇල්ල පැත්තේ යන කෙනෙක් අනිවාර්යෙන් බලන්න යන්න ඕනේ තැනක් තමයි මේ. මේ තැනට යන්න තියන හොඳම වෙලාව තමයි මේ ස්ථානයට දුම්රියක් එන වෙලාව.

Demodara Railway Station
Tunnel at Demodara
Drone view of Demodara Loop
Demoadara Railroad
Drone View of Demodara Loop
Drone view of Railroad
Drone View of Demodara Railway
Demodara Railway

Contact DailyLife.lk

or drop an E-Mail to