ආකර්ෂණීය ඇතුගල

ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරය තුළ පිහිටා තිබෙන ඉතා ආකර්ෂණීය පර්වතයක් තමයි ඇතුගල කියලා කියන්නේ. මෙය සමහරු ඇතාගල යන නමිනුත් හඳුන්වනවා. කුරුණෑගල නගරයෙන් 1 km ක් පමණ දුරින් තමයි ඇතාගල පිහිටා තිබෙන්නේ. මෙම පර්වතයට මෙම නම ලැබිලා තියෙන්නේ එහි පිහිටීමේ ස්වභාවය ඇතෙක් ආකාරයට ගන්නා නිසායි. මෙය කුරුණෑගල පිහිටි සුවිශේෂී සන්ධිස්ථානයක්.

ඇතාගල උඩට යන්න ඔයාලට දෙවිදිහක් තියනවා.එකක් තමයි ගල මුදුනට ඇවිදගෙන යන එක. එහෙමත් නැත්නම් ඔයාලාට ගල උඩටම වාහනේක යන්නත් පුළුවන්. ඔයාල මුදුනට ඇවිදගෙන යනවා නම් මිනිත්තු 15 - 20 විතර කාලයක් ගත වෙනවා. හැබැයි මේ ඇතාගල තියන සැබෑ සුන්දරත්වය විදින්නනම් ගල මුදුනට ඇවිදගෙන යන එක තමයි හොඳම දේ. ගලේ මැද හරියේදී ඔයාලට ගොඩක් වෙලාවට වදුරු රංචු එහෙමත් බලා ගන්න පුළුවන්. ඔයාලා ගෙනියන දේවල් මේ වදුරන්ගේ පරිස්සම් කර ගන්න.

ඔයාල ගල මුදුනට ළඟා වන විට ඔයාලට පන්සල ( ඇතුගල විහාරය) සහ විශාල කිරි සුදු පැහැති බුද්ධ ප්‍රතිමාව දැක ගත හැකි වෙනවා. මෙම විහාරස්ථානයේ ඉදි කර ඇති මෙම බුදු පිළිම වහන්සේ අඩි 88 පමණ විශාලයි. මෙම විශාල ගල් පර්වත මුදුන මෙම බුදු පිළිමවහන්සේ ඉදිකිරීම සඳහා මනා පසුබිමක් සකසා දී තිබෙනවා. රාත්‍රියට මෙම බුදු පිළිම වහන්සේ කුරුණෑගල නගරයට දිස් වන්නේ සෙමෙන් හුස්ම ගන්නා ජීවමාන බුදු කෙනකු හා සමානවයි. වටපිටාව හොදින් කළුවර වැටුනට පස්සේ මෙම බුදු පිළිම වහන්සේ අපට පෙනෙන්නේ අහසේ වැඩ ඉන්නවා වගේ. මේ ආදී කරුණු නිසා මෙය වටිනා සංචාරයක් වන අතර එය සදා මතකයේ ද රැඳී පවතිනවා.

ඔයාලට නියමාකාරයේ සුන්දර දසුනක් නැරඹීට නම් ගල මුදුනට සවස 5 වගේ වෙනකොට තමයි නගින්න ඕනේ. ඒ වෙලාවට අව් සැරත් අඩු හින්දා නගින්නත් ලේසියි. මේ වගේ වෙලාවට ගල මුදුනට නැගලා ටිකක් කළුවර වැටෙනකන් ගල මුදුනේම හිටියහම ඉතා අලංකාර දසුනක් බලාගන්න ඔයාලාට පුළුවන් වෙනවා.

ඔයාලා කුරුණෑගල පහු කරගෙන යනවනම් එහෙම ඇතුගලට නැගල මේ සුන්දර දසුන් නරබන්න අමතක කරන්න එපා.

Athugala Buddha Statue view from the lake, Kurunegala, Sri Lanka
View of Kurunegala town from Athugala Rock, Sri Lanka
View of Kurunegala town from Athugala Rock, Sri Lanka
View of Kurunegala town from Athugala Rock, Sri Lanka
Monkey on the Athugala Rock, Kurunegala, Sri Lanka
View of Kurunegala town from Athugala Rock, Sri Lanka
Buddha Statue on the Athugala Rock, Kurunegala, Sri Lanka
View of Kurunegala town in the evening, Sri Lanka
View of Sunset from Athugala rock, Kurunegala, Sri Lanka
View of Kurunegala town in the evening from Athugala Rock, Sri Lanka
Massive Lord Buddha Statue, Athugala, Sri Lanka
Massive Lord Buddha Statue, Athugala, Sri Lanka
Massive Lord Buddha Statue, Athugala, Sri Lanka
Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License.

Contact DailyLife.lk

or drop an E-Mail to