දරු උපතකදී ඔබ රෝහලට රැගෙන යා යුත්තේ මොනවාද?

ඔබේ ගර්භයට මාස අටක් සම්පූර්ණ නම් ඔබේ රෝහලට රැගෙන යන බෑගය ඇසිරීමට කාලයයි. මෙම කාලයේදී ඔබට ඕනෑම අවස්ථාවක දී දරු ප්‍රසුතියක් වීමට ඉඩකඩ තිබෙනවා. ඔබ සූදානම් වන්නේ ඔබගේ පළමු දරුවා බිහි කිරීමට නම් රෝහලට ගෙනයා යුත්තේ කුමන දේවල් දැයි ඔබට වැටහීමක් නො තිබෙන්නට පුළුවනි. සෑම විටම බෑග් දෙකක් සූදානම් කර තබන්න. එක බෑගයක උපතේ දී අවශ්‍ය වන දේවල් අසුරා තබන්න. අනෙක් බෑගයේ උපතෙන් පසු අවශ්‍ය වන දේවල් අසුරා තබන්න. සෑම විටම අත්‍යවශ්‍ය දේවල් පමණක්ම රෝහල වෙත රැගෙන යාමට වගබලා ගන්න. එසේම භාණ්ඩ තෝරා ගැනීමේදී ඔබේ ආර්ථිකයට හා ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි භාණ්ඩ තෝරා ගන්න. බොහෝ විට ඔබගේ වෛද්‍යයවරයා හෝ රෝහලෙන් ඔබට රැගෙන ආ යුතු භාණ්ඩ ලැයිස්තුවක් ලබා දෙනවා. කල්තියාම ඔබේ බෑගය හසුරා තබාගැනීමෙන් ප්‍රසූත දිනයේදී ඔබට නිරවුල් මනසකින් රෝහල කරා යා හැකි වනවා.

මවට අවශ්‍ය දේවල්:

  • Bed jacket - 04
  • චිත්ත - 04
  • දත් බුරුසුවක්/ දත් බෙහෙත් සහ අනෙකුත් ඔබට අවශ්‍ය කරන සනීපාරක්ෂක භාණ්ඩ
  • කෝප්පයක්/ පිඟානක්/ හැන්දක්
  • සනිපාරක්ශක තුවා
  • තුවායක්
  • අනවශ්‍ය දෑ දැමීමට බෑග් කිහිපයක්
  • රබර් සෙරෙප්පු දෙකක්
  • කොණ්ඩය බැඳීමට පටියක්
  • උණුවතුර බෝතලයක්
  • වතුර බෝතලයක්
  • සීනි/ තේ කොල/ කිරිපිටි
  • මවගේ උප්පැන්න සහතිකය
  • මවගේ හැඳුනුම්පත
  • රක්ෂණ සහතික ( රක්ෂණ ආවරණයක් තිබෙන අය සඳහා)
  • වෛද්‍ය සායන කාඩ්පත්
  • රෝහල් ලියා පදිංචි සහතිකය
  • Feeding bra - 02
  • මව්වරුන් සඳහා විශේෂ වූ කලිසම්
  • මානසික සුවයෙන් කාලය ගෙවා දැමීමට අවශ්‍ය දේවල්( පොත්පත් සඟරා ඔබේම කොට්ටය ඇඳ ඇතිරිලි)
  • ජංගම දුරකථනය හා Charger ( පෞද්ගලික රෝහලකට ඇතුළත් වන්නේ නම් එහිදී දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ දරුවාගේ ඡායාරූපය ගැනීමට ඔබගේ ජංගම දුරකථනය ඉල්ලනවා)
  • කෑමට යමක් (කෙටි ආහාර)
  • දිග ලියුම් කවර/ ෆයිල් කවරයක් ( රෝහලෙන් ලබා දෙන ලියකියවිලි තබා ගැනීමට)

බබාට අවශ්‍ය දේවල්:

  • Baby sheet - 08
  • Napkin - 12
  • Baby blanket - 03
  • රබර් ෂීට් - 01
  • Baby තුවා - 01
  • තොප්පි - 01
  • මේස් දෙකයි
  • කුඩා ගවුම් - 10
  • බුරි කටු - 01
  • නිවසට රැගෙන යාම සඳහා ඇඳුමක්
  • දරුවා පිස දැමීමට අවශ්‍ය දේවල්

රෝහල කරා රැගෙන නොයා යුතු දේවල්:

  • රත්තරන් බඩු
  • ප්‍රමාණයට වඩා මුදල් හා වෙනත් වටිනා කියන දේ
  • අනවශ්‍ය බෙහෙත් ( අවශ්‍ය බෙහෙත් වර්ග වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න)
  • ඇස් කන්නාඩි හෝ contact lenses

මේ සියලුම දේවල් බෑගයට ඇසිරීමට පෙර හොඳින් සෝදා වියළා iron කරගත යුතු වෙනවා. ඔබගේ ප්‍රසූති දිනය හා රෝහල කුමක් ද යන වග ඔබ අසල්වාසීන් හා කිට්ටුම නෑදෑ හිත මිතුරන් දැනුවත් කර තබන්න. හදිසි අවස්ථාවකදී එය ඉතාමත් ප්‍රයෝජනවත් වනවා. ප්‍රසූත දිනයට පෙර ඔබගේ සහකරු සමග රෝහල වෙත යන්න. ඔබගේ වාට්ටුව, පළමුවෙන්ම ඔබ යායුතු ස්ථානය, ප්‍රසූත කාමරය පිළිබඳව ඔහුව දැනුවත් කරන්න.

මේ තියන list එක රෝහලෙන් රෝහලට වෙනස් වෙන්න පුළුවන් (Government or Private) . මේ list එකේ තියන සමහර දේවල් සමහර රෝහල් වලින් දෙනවා. සමහර ඒවායින් දෙන්නේ නෑ . ඒක හින්දා බබා ලැබෙන දිනේට කලින් රෝහලේ අයත් එක්ක කතා කරලා හැම දෙයක් ගැනම විස්තර දැනගන්න එක වැදගත් වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to