බබාගේ කන් විිදලද? කුඩා දරුවකුගේ කන් විඳිය යුතුමද??

කුඩා දරුවකුගේ කන් විදීම සමහර රටවල ආන්දෝලාත්මක මාතෘකාවක් වුවද ශ්‍රී ලංකාවේ එය සාමාන්‍ය තත්ත්වයක්. බොහෝ දෙනෙක් අලුත උපන් දියණියකට කරාබු ජෝඩුවක් තෑගි දෙනවා. ශ්‍රී ලාංකිකයින් විස්වාස කරන්නේ කාන්තාවක් කරාබු යුගලක් පැලඳිය යුතු අතර එය කාන්තා ස්වරූපය කියලා. එමනිසා ඔවුන් තම දියණියගේ කන් විදිනවා. බොහොමයක් දෙමව්පියන් මාස තුනක් යනවිට කන විදීම සිදුකරනවා. එය එසේ සිදු කරන්නේ කල්ගත වන විට කන් විදීමේ දී වේදනාවක් ඇතිවන නිසා.

විද්වතුන් පවසන්නේ කන් විදීමද කුඩා අවදානමක් ගෙන දෙනවා කියා. ඔබේ දරුවාට කුඩා අවධියේ කන් විදීම සිදු කළහොත් මෙම අවධානමට ඇය මුහුණ දෙනවා. ඔබේ දරුවා තවමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන අවධියේ සිටින බැවින් ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව තවමත් ඇය සතුව නොපවතිනවා. එම නිසා කන් විදීමට කරන සිදුර ආසාදන අවස්ථාවට පත්විය හැකිය. මේ හේතූන් නිසා නිසි වයස පැමිණෙන තෙක් කන් විදීම සිදු නොකරන්න.

ඔබේ දරුවාගේ කන් විදීමට ඇත්තටම ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්න.

  • කන් විදීමට පෙර විශේෂඥ ළමා වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.
  • ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයකු තෝරාගන්න.( කන් විදීම සඳහා ඔවුන් නිවැරදි ආරක්ෂාකාරී ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන නිසා)
  • කන් විදීම සඳහා දරුවා රත්තරන් බඩු අලෙවි කරන ස්ථානයකට රැගෙන නොයන්න. ඔවුන් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය නොකරන නිසා දරුවා ආසාදනවලට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.
  • කන් විදීම සිදුකරන පුද්ගලයා මූලික ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා දැයි සොයා බලන්න.( දෑත් සෝදනවද, අත් ආවරණ පලඳිනවද, කන් පෙත්ත වටා පිරිසිදු කළේ ද, සිදුරු කිරීමට ගන්නා උපකරණ නව උපකරණ ද යන්න.). එය ඔබගේ දියණියගේ ආරක්ෂාවට හේතු වෙනවා.
  • වේදනාව අඩු කිරීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
  • ඉතා කුඩා රවුම් සහ පැතලි කරාබු යුගලක් තෝරාගන්න.
  • හැමවිටම අඩුම තරමේ කැරට් 14 සෑදූ රත්තරන් කරාබු යුගලක් භාවිතා කරන්න.
  • විදීමට පෙර කරාබු යුගල විෂබීජ නාශකයකින් සෝදන්න.

කන විදීමෙන් පසුව ඇතිවන සංකූලතා වැළැක්වීම:

කන විදීමෙන් පසුව ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. මාස කීපයක් තිස්සේ ඔබට මෙය සමීපව නිරීක්ෂණය කළ යුතු වෙනවා. පළමු සති කිහිපය තුළ එය හොඳ බව පෙනෙන්නට තිබුණද පසුව එය ආසාදන තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබෙනවා.

  • සති හයක් යනතුරු කරාබුව ගලවා ඉවත් නොකරන්න. එසේ කලොත් සිදුර වැසී යාමට ඉඩ තිබෙනවා.
  • මේ කාලය අතරතුර දිනකට දෙවරක් විෂබීජ නාශකයකින් කරාබුව අසල ප්‍රදේශය හොඳින් සෝදන්න. දරුවාගේ කන් ස්පර්ශ කිරීමට පෙර හොඳින් දෑත් සෝදන්න වගබලා ගන්න.
  • නෑමෙන් පසු කන වටා තිබෙන ජලය හොඳින් පිසදා ඉවත් කරන්න. ඒ සිදුර වටා වියළි ස්වභාවයකින් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.
  • ආසාදන තත්ත්වයක් ඇති වී තිබේ දැයි පරීක්ෂා කර බලන්න.
  • එම ස්ථානයේ වේදනාවක් හට ගනී නම්, එම ස්ථානයෙන් ලේ ගලා එනවා නම් හෝ කසනවා නම් වහාම කරාබු යුගල ඉවත් කරන්න. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන යන්න.
  • ඔබේ දරුවා උණ ගතියකින් ඇත්නම් හෝ එම ස්ථානය ඉදිමී රතු වී ඇත්නම් වහාම රෝහලක් වෙත රැගෙන යන්න.

ළදරුවකුගේ කන විදීම ඉතාමත් පෞද්ගලික තීරණයකි. එය සිදුකරන්නේ දරුවා ඉපදී මුල් මාස කිහිපය තුළ ද එසේත් නැතිනම් පසුව ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මේක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය දෙයක් වන අතර දරුවා ඉපදී මුල් මාස කීපය තුළ කන විදීම සිදුකරයි. මුල් අවධියේදී කන විදීම සිදු නොකළහොත් සියලු දෙනාගෙන් ප්‍රශ්නය තමයි” ඇයි දරුවාගේ කන විදලා නැත්තේ”.කවුරුන් කෙසේ කීවත් මුල් අවධිය තුළ කන විදීම තුළ කිසියම් අවදානමක් තිබෙනවා. මේ පිළිබඳ තීරණය කිරීමට සම්පූර්ණ අයිතිය දෙමාපියන් සතු ව තිබෙනවා. නැතහොත් දරුවා ලොකු මහත් වී ඇයටම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to