Would you leave your child alone in the car?

ඔයාලාත් ඔයාලගේ පොඩි බබාව car එකේ තනියම දාලා යනවද? ඔයාලා සමහර විට හිතනවා ඇති අපි බබාව තියලා යන්නේ පොඩි වෙලාවකට හින්දා මුකුත් වෙන්නේ නෑ කියලා. නමුත්, මොකක් හරි විශාල කරදයක් වෙන්න පොඩි වෙලාවක් හොඳටම ඇති. ඔයාලා පොඩි බබෙක්ව vehicle එකක එක්කගෙන යනකොට consider කරන්න ඕනේ safety tips කීපයක් තියනවා.

Never leave your child unattended in the car

කවදාවත් පොඩි බබෙක්ව ඉතා පොඩි වෙලාවකටවත් තනියම car එක ඇතුලේ දාලා යන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ අපි මේකේ තියන seriousness එක ගැන හිතන්නේ නැති එක. Car එකක් ඇතුලෙදි වෙන්න පුළුවන් බරපතලම දේ තමයි heatstroke. Heatstroke හින්දා පොඩි ළමයි ගොඩක් මරණයට පත් වෙලා තියනවා. Hot environment එකකදී car එකක් අතුල ඉතා ඉක්මනට රත් වෙනවා. Outside environment එක එච්චර hot නැතත් car එක අතුල ඉතාමත් hot වෙන්න පුළුවන්. අනිත් දේ තමයි car එකක් heat up වෙන්න ගත වෙන්න ඉතාමත් සුළු කාලයක් විතරයි. මේ වගේ වෙලාවට පොඩි බබාලාගේ body heat එක වැඩි වෙලා heatstroke ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ car එකේ windows open කරලා පොඩි අයව තනියමදාලා ගියොත් එයාලව kidnap කරන්නත් ලොකු risk එකක් තියනවා. ඒක හින්දා පොඩි බබෙක්ව තනියම car එකේ දාලා යනවා කියන්නේ අපි එයාලගේ ජීවිතේ ලොකු risk එකක දානවා.

ඔයාලා සමහර විට believe කරන එකක් නෑ සමහර වෙලාවට පොඩි බබෙක් back seat එකේ හිටියොත් එයාලව ගන්න අමතක වෙනවා කියලා. But, studies වලින් prove කරලා තියනවා මේක වෙන්න පුළුවන් දෙයක් කියලා. මේක prevent කරන්න ඔයාලාට very simple steps ටිකක් follow කරන්න පුළුවන්. හැම වෙලේම car එකෙන් යන්න කලින් car එක හොඳට check කරන එක habit එකක් කර ගන්න. ඒත් එක්කම ඔයාලා යනකොට car එක lock කරලා යන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා නොදැනුවත්ව පොඩි අයට car එකට නගින්න බැරි වෙනවා. Cell phone එක, purse එක වගේ දෙයක් හැම වෙලේම back set එකේ තියන්න. ඔයාලාගේ phone එකේ reminders set කර ගන්න.

Always switch off the engine prior to leave the vehicle

පොඩි ළමයෙක් car එක ඇතුලේ ඉදිද්දී engine එක switch on කරලා යන එක ඉතාමත් භයානක දෙයක්. එයාලා ඇතුලේ ඉදන් accelerate කරන්න, එක එක buttons press කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මේකෙන් tragedy එකක් වෙන්නේ ඔයාලාගේ දරුවාට හා car එකට විතරක් නෙමේ, පිටස්තර අයත් මේකට ගොදුරු වෙන්න පුළුවන. ඒක හින්දා car එකෙන් යන්න කලින් engine එක switch off කරලා key එක අර ගෙන යන්න අමතක කරන්න එපා.

Whenever travelling keeps the power windows locked

ඔයාලා දන්නවද power windows හින්දා හොදක් ළමයි මැරිලා හා injuries වලට ගොදුරු වෙලා තියනවා කියලා. Power windows lock කරලා තිබුනේ නැත්නම් පොඩි ළමයි මේ buttons press කරන්න පුළුවන්. සමහර car වල option එකක් තියනවා මේ windows close වෙන path එකේ මොකක් හරි දෙයක් තිබුනොත් window එක automatically reverse වෙන්න. නමුත් සමහර car වල මේ option එක නෑ. මේ option එක තිබුනත් නැතත් අපි make sure කරන්න ඕනේ හැම වෙලේම power windows lock කරලා තියන්න. අනිත් දේ තමයි පොඩි අයටත් පුරුදු කරවන්න power window buttons එක්ක play කරන්න යන්න එපා කියලා.

Ensure all passengers wear seat belts

අනිත් very important දේ තමයි seat belts. ගොඩක් පොඩි අය පුරුදු වෙලා ඉන්නේ කොහේ හරි ගමනක් යනකොට back seat එකට වෙලා play කර කර යන්න. එයාලා seat belts දා ගෙන වාඩි වෙලා යන්න කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් ඔයාලා යන්නේ කොච්චර පොඩි ගමනක් උනත් seat belt දාන එක කරන්නම ඕනේ දෙයක්. අනිත් එක තමයි පොඩි අයට seat belt එක දාන කොට ඒක පොඩි එක්කෙනාට match වෙන විදිහට දාන්න ඕනේ. එතකොට තමයි ඒ seat belt එක හොඳටම effective වෙන්නේ.

Ensure that the child lock is on when children travels on the back seat

ඔයාලාගේ පොඩි දරුවා back seat එකේ ඉන්න වෙලාවට child lock switch on කරන එකත් very vital දෙයක්. Especially ඔයා drive කරන වෙලාවට back seat එකේ මොනවද වෙන්නේ කියන එක ඔයාට හැම වෙලේම පෙන්නේ නෑ. Child locks on කරලා නැත්නම් car එක traffic වල එහෙම නතර කලහම පොඩි අය එලියට බහින්න ඉඩ තියනවා. එක හින්දා හැම වෙලේම child lock switch on කරලා තියන්න.

Keep all items inside car well secured

Knives, poisonous liquids, scissors වගේ දේවල් ඔයාලා car එකේ අරගෙන යනවනම් ඔයාලා extra careful වෙන්න ඕනේ. හැම වෙලේම පොඩි අයට reach කරන්න බැරි තැනක ඒවා store කරන්න. පොඩි අයට මේ දේවල් වලට reach කරන්න පුළුවන් උනොත් serious deaths and injuries ඇති වෙන්න පුළුවන්.

පොඩි අයව vehicle එකක ගෙනියනකොට වෙන්න පුළුවන් dangers ගැන ඔයාලටත් ඕනේ තරම් experience ඇති. අනිත් අයටත් දැන ගන්න එක්ක ඒවත් අපිත් එක්ක share කරන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to