ඔබගේ දරු පැටියාට කොතරම් නින්දක් අවශ්‍යද?

ඔයාලාත් අලුතෙන් දරු පැටියෙක් හම්බ උන දෙමව්පියෝ නම් මේ දවස් වල හුගක් කාර්යබහුල ඇති.ගෙදර වැඩයි දරු පැටියාගේ වැඩයි එක්ක ගෙදර එකම යුද්ධයක්. මේ අතරේ ඔයාලා බලාගෙන ඉන්නේ බබා කොයි වෙලේද නිදා ගන්නේ කියලා.

ඔයාගේ දරු පැටියා නිරෝගීව වැඩෙන්න ඔහුට කොතරම් නින්දක් අවශ්‍යද කියලා ඔයාලා දැනුවත්ද? හැම දෙමව්පියෙක්ම මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක හරි වැදගත්. පහත දැක්වෙන්නේ එක් එක් වයස් මට්ටම් වලදී ඔබේ දරුවාට කොතරම් නින්දක් අවශ්‍යද කියලා. මේකෙදි මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි දරුවන් එක්කෙනෙකුට එක්කෙනක් වෙනස්. සමහර දරුවන්ට නින්දක් අවශ්‍ය වන අතරේ, සමහර දරුවෝ නිදා ගන්නේ අඩු කාලයක්. කොහොම උනත් පොඩි බබෙකුගේ වර්ධනයට නින්ද ඉතා වැදගත්.

වයස රාත්‍රී පැය ගණන දිවා කාලයේ පැය ගණන සාමාන්‍ය මුළු පැය ගණන
Newborn 8 ½ 8 ½ (Varied number of naps) 17
01 Month 9 8 (Varied number of naps) 17
03 Months 10 6 (03 naps) 16
06 Months 10 5 (02 or 03 naps) 15
09 Months 11 3 ½ (02 naps) 14 ½
12 Months 11 3 (02 naps) 14
18 Months 11 2 ½ (01 nap) 13 ½

Source:

http://www.babycenter.com/

දරු පැටියාට හොඳ නින්දක් ලබා ගැනීමට උදව් වන්න

ඔයාගේ බබාට හොඳ නින්දක් ලබා ගන්න ඔයාගේ උදව් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා.දරුවට නිදි මත නැති වෙලාවට එයාව නිදි කරවන්න උත්සාහ කරන්න එපා. එකෙන් වෙන්නේ දරුවයි ඔයයි දෙන්නම නිකන් මහන්සි වෙන එක විතරයි. දරුවට නිදි මත ඇති උනහම එයාව නිදියන තැනෙන් තියන්න. ඒත් එක්කම දරුවට රාත්‍රී කාලයේ හා දහවල් කාලයේ වෙනස තේරුම් ගන්න උදව් කරන්න. එතකොට එයා රාත්‍රී කාලයට වැඩි වෙලාවත් නිදා ගැනීමට පෙලබෙනවා. රාත්‍රියට නිදා ගන්නකොට light dim කරන්න. වැඩිය සද්දෙට කතා කරන්න එපා. ඒත් එක්කම බබත් එක්ක තියන interaction එක අඩු කරන්න. අනිත් එක තමා බබාව හැම දාම එකම වෙලාවට නිදි කරවන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to