මොකක්ද මේ කොරෝනත් එක්ක මතු උන කවසාකි?

මොකක්ද මේ කවසාකි රෝගය? ඔයාලා මීට කලින් මේ ගැන අහලවත් තියනවද? හැබැයි මේ දවස් වල කොරෝනා වයිරස් එකත් එක්කම පොඩි ළමයින්ට හැදෙන මේ රෝගය ගැන ගොඩ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියනවා. අපේ දරුවන්ව මේ රෝගයෙන් ආරක්ෂා කර ගන්න එක අපේ වගකීම. ඒක හින්දා මේ කවසාකි රෝගය මොකක්ද කියලා අපි හරියටම දැන ගම්මු.

කවසාකි කියන්නේ අවුරුදු 05 හෝ ඊට අඩු දරුවන්ට වැළදෙන රෝගයක්. මේ රෝගය ප්‍රධාන වශයෙන්ම දරුවාගේ මුඛයට, සමට හා වසාගැටිති වලට තමයි බලපෑම් ඇති කරන්නේ. මේ රෝගය මුල් කාලයේදී හදුනාගෙන ප්‍රතිකාර කලොත් දරුවාන්ට සම්පුර්ණ සුවය ලබන්න පුළුවන් වෙනවා. නමුත් දින 10ක් ඇතුලත කිසිම ප්‍රතිකාරයක් නොකළහොත් තත්වය ඉතාමත් භයානකයි. මෙවැනි බරපතල තත්වයකදී මේ රෝගයෙන් දරුවාගේ හදවතට බලපෑම් ඇති වෙලා දරුවා මිය යන්න උනත් පුළුවන්.

මේ කවසාකි රෝගය ඇති වෙන්න නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නෑ. ගොඩක් වෙලාවට මේ රෝගය බෝවෙන රෝගයක් නෙමේ. කලින් සදහන් කලා වගේ මේ රෝගය හැදෙන්නේ වයස අවුරුදු 05 හෝ ඊට අඩු දරුවන්ට. ඒ වගේම මේ රෝගය වැළදීමේ අවධානම ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට වැඩි. ආසියානු සම්භවයක් සහිත දරුවන්ට මේ රෝගය වැළදීමේ වැඩි අවධානමක් තියනවා.

Photo Courtesy:commons.widimedia.org

කවසාකි රෝග ලක්ෂණ

මේ කවසාකි රෝග ලක්ෂණ අධියර කීපයකින් පෙන්නුම් කරනවා.

පළමු අධියර

  • දින 05ට වඩා පවතින අධික උණ (101F වැඩි). සාමාන්‍ය උණකට ගන්නා බෙහෙත් වර්ග පාවිච්චි කලත් මේ උණ අඩු වෙන්නේ නෑ.
  • පපු ප්‍රදේශයේ, කකුල් වල හා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කුෂ්ට ඇති වීම.
  • අත් හා යටි පතුල් රතු වී ඉදිමීම.
  • වසා ගැටිති ඉදිමීම (විශේෂයෙන් බෙල්ල ප්‍රදේශයේ)
  • කට, දෙතොල් හා උගුර වියළී ඉරි තලා ගිය ස්වභාවයක් ගැනීම.
  • දිවේ කුඩා බිබිලි මතු වීම.
  • ඇස් රතු වීම

දෙවන අධියර

  • සන්ධි වේදනාව
  • උදරයේ වේදනාව
  • වමනය හා අතීසාරය
  • ඇත හා දෙපා වල සම ගැලවීයාම

මේ රෝගය හැදිලා දින 10ත් සති 02ත් ඇතුලට දරුවාගේ හදවතට බලපෑම් ඇති කරනවා. ඒක හින්දා තමයි කවසාකි රෝගයට දින 10ට අඩු කාලයකදී ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වෙන්නේ. ඔයාලගේ දරුවන්ටත් උණත් එක්ක (101F -103F) මේ රෝග ලක්ෂණ දවස් 03ට වඩා තියනවානම් ඉතාමත් ඉක්මනින් ප්‍රතිකාර සදහා දරුවාව රැගෙන යන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to