පොඩි බබාලාට රුලං කෙසෙල් තලප

ඝන ආහාර ගන්න සුදානම් වෙන බබලාටයි ටිකක් ලොකු පොඩ්ඩන්ටයි දෙන්න පුළුවන් හොඳ ගුණ දායක කෑමක් තමයි මේ රුලං කෙසෙල් තලප එක. මේ තලප එක දරුවාට වයස මාස හතේ විතර ඉදන් හදුන්වලා දෙන්න පුළුවන්. රුලං කියන්නේ පොටෑසියම්, යකඩ සහ ප්‍රෝටීන් වලින් බහුල ආහාරයක් නිසා දරුවාගේ ශක්තිය වැඩි කරලා දවස පුරා ක්‍රියාකාරිව ඉන්න උදව් වෙනවා. කෙසෙල් කියන්නේ දරුවෙක් මාස 5හේ 6යේ වගේ ඉදන් හදුන්වලා දෙන්න පුළුවන් හරිම ගුණදායක පළතුරක්. රුලනුයි කෙසෙල් ගෙඩියි එකතු වෙච්ච මේ තලප එක පොඩි දරුවන්ට හරිම ගුණ දායක කෑමක්. මේ තලප එක උදෑසන ආහාරයක් විදිහට දරුවන්ට දෙනවනම් ඉතාමත් හොඳයි. මේ රුලං කෙසෙල් තලප එක හදා ගන්නේ මෙන්න මෙහෙමයි.

Photo Courtesy:www.imcorp.jp

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං - මේස හැඳි 01
  • ගිතෙල් - මේස හැඳි 1/2
  • කෙසෙල් ගෙඩි - 1/2
  • එල කිරි හෝ වතුර - 100ml - 150ml

සාදන ක්‍රමය:

  • මුලින්ම ගිතෙල් ටික පෑන් එකකට දාලා රත් කරලා රුලං ටික ගිතෙල් එක්ක ටිකක් වෙලා බැද ගන්න.
  • මේ රුලං එකට වතුර හෝ කිරි දාලා තලපයක් වගේ වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාන්න. රුලං ටික කැටි ගැහෙන්න දෙන්නේ නැතුව හොඳට හැඳි ගාන්න.
  • බ්ලෙන්ඩර් කර ගත්ත කෙසෙල් ටික රුලං එකට එකතු කරන්න.
  • මෘදු තලපයක් උනාට පස්සේ ලිපෙන් බා ගන්න.

මේ තලප එක දරුවාට හදුන්වලා දෙනකොට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් තියනවා.

  • ඔයාලගේ දරුවා එළ කිරි වලට පුරුදු නම් විතරක් එළ කිරි දාන්න. නැත්නම් වතුර දාන්න.
  • පළමු වරට මේ තලප එක දරුවාට හදුන්වා දුන්නට පස්සේ දවස් තුනක් පමණ කාලයක් යනකන් මේ තලප එක ආයෙත් නොදී බලන්න දරුවාට කුමක් හෝ ආසාත්මිකතාවක් තියවාද කියලා.
  • මේ තලප එකට එකතු කරන පලතුර කෙසෙල් වෙනවට ඔබට කැමති පළතුරක් අර ගන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ වයස අනුව සීනි ටිකක් එකතු කරන්නත් පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to