ළදරුවන්ට මවුකිරි දීම නොහොත් Newborn Breastfeeding

අද අපි කතා කරන්න යන්නේ අලුතින් මවු පදවිය ලැබූ කාන්තාවන්ට breastfeeding (මවුකිරි දීම) ගැන තියෙන පොදු ගැටලු කීපයක් ගැන.

ඔබත් එවැනි new-mummy කෙනෙක් නම්, මෙන්න ඔයාට breastfeeding ගැන පොඩි tips ටිකක්....

  • ඇත්තටම මම, මගේ දරුවාට මවුකිරි දිය යුතුද?
  • Breastfeeding කියන්නේ අම්මා සහ දරුවා එකතු වී කරන ඉතා වැදගත් practice එකක්. මවුකිරි ඔබේ දරුවාට ඉතා අත්‍යවශ්‍ය දෙයක් මෙන්ම ඔබේ ශරීරයටද (අම්මාට) ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාවක්.Breastfeeding වල advantages රැසක් තියනවා

    • අම්මාත් බබාත් අතර ඉතා ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරයි .
    • බබාගේ වර්ධනයට අවශ්‍ය nutrients ලබා දෙයි (E.g. Immune system එක ගොඩනගන්න අවශ්‍ය antioxidants ලබා දේ)
    • බබාට දිරවීමට වඩාත් පහසුම ආහාරය වේ.
    • අම්මාගේ කැලරි දහනය (burning calories) කරයි .
    • Uterus එක පහත් වීමට ඇති අවස්ථා අවම කරයි .
    • Breast cancer සෑදීමේ risk එක අඩු කරයි.
  • මවුකිරි දීමේ නිසි ක්‍රමයක් තිබේද?
  • Pregnant වීමේ හැම පියවරක්ම එකිනෙකට වෙනස් සේ, breastfeeding ක්‍රියාවත් මවු පදවියේ වෙනස් වූ කොටසක්.

    • පළමු පියවර වන්නේ "අම්මා ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් සිටීමයි."
    • බබාගේ කට සහ නහය, අම්මගේ nipple එක දෙසට යොමු කල යුතුයි.
    • කිසිම විටක බබාගේ නිකට breast එකට සිරිවිමට ඉඩ නොදිය යුතුයි.
  • බබාව breastfeeding වලට නිසි අයුරින් තබාගෙන ඇත්ද?
  • මවුකිරි දීමට වඩාත් සුදුසුම අයුරු වන්නේ "බබාගේ කට, අම්මාගේ තන පුඩුව මත යොමු කිරීම"යි. මෙහිදී, මවුකිරි දීම ඔබට අලුත් අත්දැකීමක් වගේම ඔබේ දරුවාටද මෙලෙස ආහාර ගැනීම පළමු අත්දැකීම වේ. ඒ නිසා, මේ ක්‍රියාව smooth වීමට යම් උත්සහයක් හා කාලයක් ගත වේ. ඔබ බබාට කිරි දීමට සුදානම් නම්, මුලින්ම ඔබේ nipple එකකින් හෝ ඇගිල්ලකින් දරුවාගේ මුහුණ අවට touch කිරීමෙන්, දරුවාගේ මුහුණ ඔබේ තන පුඩුව දෙසට හැරි, කට විවෘත කරනවාද යන්න check කර ගත හැකියි. මෙහිදී, බබාගේ නාසය හා කම්මුල් ලාවට ඔබේ පියයුරු වලට ස්පර්ශ වන ලෙස තබා ගන්න.

    බබා කට විවෘත කල පසු, බබාව ඔබේ breast එක දෙසට ගෙනෙන්න (මතක තබා ගන්න-ඔබේ බබාව, පියයුරු වෙත ගෙන ආ යුතු මිසක් පියයුර, බබාගේ කට දෙසට ගෙන නොගිය යුතුයි). ඔබ නිසි අයුරින් බබාව breastfeeding වලට සුදානම් කරගෙන තිබුනානම්, ඔබේ පියයුරු අවට සමේ shooting pain එකක් හෝ pinching එකක් ඇති නොවේ. නමුත් ඔබට එලෙස වේදනාවක් දැනුනහොත් ඒ සදහා lactation consultation සඳහා යොමු විය යුතුයි.

  • Cross-Cradle ඉරියව්ව
  • අලුත උපන් දරුවන්ට මවුකිරි දීමට support කරන ඉතා හොද ඉරියව්වක් ලෙස cross-cradle position එක හදුන්වන්න පුළුවන්.

    • පළමුව ඔබට පහසු පුටුවක වාඩි වී, බබාව ආරක්ෂාකාරීව හරහට (crosswise) ඔබේ අත් මත තබා ගන්න.
    • ඔබ, බබාට දකුණු පියයුරෙන් කිරි දෙනවානම්, බබාව වම් අතින් අල්ල ගන්න.
    • ඔබේ අතේ යටි බාහුව, ඔබේ බබාගේ body එකට සහය වනවා වගේම ඔබේ අත්, දරුවාගේ හිසට support කරයි.
    • ඔබට ඔබේ දකුණු අතින් (මහපට ඇගිල්ල පියයුර මත හා අනිත් ඇගිලි පියයුර යට), බබාට ඔබේ තන පුඩුව නිසි අයුරින් යොමු කරන්න පුළුවන්.

    Contact DailyLife.lk

    or drop an E-Mail to