ඔයාලාත් කාර්ය බහුල දෙමව්පියන්ද?

මව් පදවිය හෝ පිය පදවිය කියන්නේ කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් ඉතාමත් වටිනා දෙයක්. නමුත් මේක ලේසි වැඩක් නෙමෙයි. Specially, පොඩි බබෙක් ඉන්නවා කියන්නේ මේක තවත් අමාරු දෙයක්. නමුත් එහෙම කියලා මේ දවස් වල අපි හුරු වෙලා ඉන්න lifestyle එකත් එක්ක job එකක් නැතුවත් බෑ. ඒක හින්දා අපි බලන්න ඕනේ කොහොමද family life එකයි work life එකයි හොඳින් balance කර ගන්නේ කියලා.

What you feel?

ඇත්තටම පොඩි බබෙක්ගේ parents ලා විදිහට ඔයාලට පුලුවන්ද එයාව ගෙදර දාලා එක හිතකින් office එකේ වැඩ කරන්න. ඇත්තටම බෑ. Office එකේ කොච්චර වැඩ තිබ්බත් ඔයාලට ඕනේ ඉක්මනට ගෙදර ගිහින් ඔයාලගේ දරු පැටියව බලන්න. Specially, ඔයාගේ දරුවා ඉන්නේ day care center එකක නම් හෝ servant කෙනෙක් ළඟ නම් ඔයාලට බබාලාගේ security එක ගැනත් පොඩි බයක් තියනවා. අනිත් දේ තමයි ඔයාගේ බබාට සනීප නැත්නම් ඔයාගේ mind එක හැම වෙලේම තියෙන්නේ පොඩි දරුවත් එක්ක. මේ නිසා ඔයාගේ stress එක වැඩි වෙලා office එකේ කරන වැඩත් වරදින්න පුළුවන්.

What you can do?

මේ වගේ situation එකකදී very important දෙයක් තමයි ඔයාගේ limited time එක manage කර ගන්නේ කොහොමද කියලා හොඳින් plan කරන එක. Husband & wife දෙන්නම එකතු වෙලා පහත දේවල් ගැන හොඳින් අවධානය යොමු කරනවා නම් ඔයාලා දෙන්නටම ඔයාගේ බබා ගැන වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් වේවි.

  • ඔයාගේ priority tasks මොනවද කියලා categorize කර ගැනීම.
  • එක එක tasks කරන්නේ කොහොමද / කවුද කියා බෙදා ගැනීම.
  • බබා අසනීප උන වෙලාවට / දරුවාගේ පාසල් වැඩ කටයුතු සඳහා කාලය යොදා ගන්නේ කොහොමද?
  • Family එක වෙනුවෙන් කාලය වෙන් කර ගැනීම.
  • තමන් වෙනුවෙන් කාලය වෙන් කර ගැනීම.
  • ඔබට දරුවන් කීප දෙනෙක් ඉන්නවනම් සෑම දරුවෙක් සඳහාම කාලය වෙන් කර ගැනීම.
  • Office එකේ annual leave ලබා ගන්නා ආකාරය plan කිරීම.

Connection with children

ඔයාගේ පොඩි දරුවා එක්ක කාලය ගත කරමින් එයාලා එක්ක තියන connection එක වැඩි කර ගන්න එක very important දෙයක්. මේකෙන් අදහස් වෙන්නේ නෑ හැම වෙලේම ඔයා දරුවත් එක්ක ඉන්න ඕනේ කියන එක. නමුත් ඔයා දරුවත් එක්ක ගත කරන කාලය very effective වෙන්න ඕනේ. එහෙම නැති උනොත් දරුවන් පොඩි කාලයේ ඉදලම ඔයාලගෙන් ටික ටික ඈත් වෙනවා. The more positive experiences parents share with children, the better the relationship is likely to be.

Some helpful tips

  • Hold weekly family meetings : At least once a week වත් family meeting එකක් තියෙන එක ඉතා වැදගත් දෙයක්. මේක ඔයාලාගේ family එකේ bond එක වැඩි වෙන්න හේතු වෙනවා. මේ meeting එකේදී ඔයාලාට පුළුවන් වෙනවා ළමයින්ගේ තියන problems discuss කරලා ඒවා big issues වෙන්න කලින් විසදාගන්න. ඒත් එක්කම partner ත් එක්ක ඔයාලාගේ තියන ප්‍රශ්න discuss කරන්න පුළුවන්.
  • Maintain a shopping list/ To do list : පොඩි දරුවෙක්ගේ පෝෂණයට අවශ්‍ය ආහාර පාන හා අනෙකුත් දේවල් අඩු පාඩුවක් නොවී ලබා දීම ඉතා වැදගත් දෙයක්. ඒක හින්දා shopping list එකක් හෝ to do list එකක් maintain කරන එක ඉතා වැදගත්. එවිට super market එකේ වැඩි කාලයක් ගත නොකර අවශ්‍ය බඩු ටික ඉක්මනින් ගන්න පුළුවන්. මේ සඳහා ඔයාලට smart phone app එකක් use කරන්නත් පුළුවන්.
  • Invest Sunday evening to prepare for the next week : ඉරිදා දවසේ next week එකේ කරන්න තියන වැඩ ටික plan කර ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to