ගාලික් බ්‍රෙඩ් ලේසියෙන් ගෙදරදීම

වැඩි ගණන් දිදී ගාලික් බ්‍රෙඩ් කඩෙන් අර ගන්නේ නැතුව මේ විදිහට රසට ගාලික් බ්‍රෙඩ් එකක් ගෙදරදීම හදා ගත්තොත් ඔයාලට සල්ලිත් ඉතුරු කර ගෙන රසට ඇති වෙනකන් කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සඳහා

  • පාන් පිටි - 250g
  • ක්ෂණික වියළි යීට්ස් - 5g
  • සීනි - 25g
  • ලුනු - තේ හැඳි 1/2
  • ලුනු රහිත බටර් - 42g
  • උණුසුම් කිරි - 125ml
  • බීට් කර ගත්ත බිත්තර - 01
  • පිටි මිශ්‍ර කිරීමට අමතර පිටි ටිකක්
  • මොසරල්ලා සහ චෙඩර් චීස් - 250g

අවශ්‍ය ද්‍රව්‍ය : ගාලික් බටර් මිශ්‍රණය සඳහා

  • කාමර උෂ්ණත්වයේ බටර් - මේස හැඳි 02
  • පොඩියට කපා ගත්ත සුදු ළුණු - තේ හැඳි 01
  • පොඩියට කපා ගත්ත ළුණු කොළ - මේස හැඳි 02
  • ලුනු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය:

  • මුලින්ම යීස්ට් ටික සීනි ටිකකුයි, මද රස්නේ කිරි ටිකකුයි එක්ක කලවම් කරලා යීස්ට් ටික පිපෙන්න විනාඩි 5ක් විතර පැත්තකින් තියලා තියමු.
  • දැන් පිටි ටිකට ඉතුරු සීනි ටිකයි, ලුනුයි, බීට් කර ගත්ත බිත්තරෙයි, යීස්ට් ටිකයි දාලා කලවම් කර ගන්න.
  • ඊළගට මේ ඩෝ එක පිටි ඉහ ගත්ත බෝර්ඩ් එකකට දාගෙන හොඳට සොෆ්ට් වෙනකන් අතින් විනාඩි 10ක් විතර නීඩ් කර ගන්න. ඩෝ එක අතේ ඇලෙන ගතිය වැඩි නම් එහෙම අතේ පිටි ටිකක් ගාගෙන නීඩ් කරන්න.
  • ඩෝ එක හරි පදමට හදා ගත්තාට පස්සේ මේක කවර් කරලා ඩබල් සයිස් වෙනකන් පැය 1 1/2ක් 02ක් විතර තියලා තියන්න.
  • දැන් වෙනමම පොඩි බෝල් එකක බටර් ටිකයි, කපා ගත්ත ළුණු කොළ ටිකයි, සුදු ළුණු ටිකයි, ඔයාලගේ රස පදමට ලුනු ටිකකුයි දාලා කලවම් කර ගන්න.
  • ඩෝ එක හොඳට පිපුනාට පස්සේ රවුම් හැඩේකට අතින් තුනී කරගෙන පිහි තුඩකින් දිග අතටයි හරස් අතටයි ඉරි ටිකක් ඇඳ ගන්න. හැබැයි මේ ඉරි වලින් ඩෝ එක වෙන් වෙලා යන්නම කපන්න එපා.
  • දැන් ඉස්සෙල්ලා හදා ගත්ත පේස්ට් එක මේකේ උඩින් හැම තැනටම තවරා ගන්න.
  • ඊළගට මාර්ක් කර ගත්ත ඉරි අස්සෙන් චීස් කෑලි ටික දා ගන්න.
  • අන්තිමටම මේකට උඩින් ගම්මිරිස් කුඩු ටිකකුත් ඉහලා මේ බ්‍රෙඩ් එක 200C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 20-25 විතර බෙක් කර ගන්න ඕනේ.
  • මේ ගාලික් බ්‍රෙඩ් එක රස්නේ පිටින්ම කද්දී තමයි රස වැඩි.
  • Garlic Mozzarella Bread
    Garlic Mozzarella Bread
    Garlic Mozzarella Bread
    Garlic Mozzarella Bread
    Garlic Mozzarella Bread
    Garlic Mozzarella Bread

    Contact DailyLife.lk

    or drop an E-Mail to