රට කජු බටර් එක්ක චොක්ලට් බ්‍රව්නිස්

ඔයාලා නිකන් චොක්ලට් බ්‍රව්නිස් නම් ඕනේ තරම් හදලා ඇති. හැබැයි ඔයාලා කවදා හරි හදලා තියනවද මේ වගේ රට කජු බටර් දාපු බ්‍රව්නි එකක්. හදලා නැත්නම් ඉක්මනින්ම මේක හදලා බලන්න. මේ බ්‍රව්නි එක පුදුම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ක්‍රීමි රට කජු බටර් - 250g
  • ඩාර්ක් චොක්ලට් - 220g
  • දිය කර ගත්ත බටර් - 150g
  • බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01
  • කුඩු කර ගත්ත සීනි - 200g
  • පාන් පිටි - 90g
  • කොකෝවා පවුඩර් - 15g
  • බේකින් පවුඩර් - තේ හැඳි ½

සාදන ක්‍රමය:

  • මුලින්ම පීනට් බටර් ටික විනාඩි 03ක් විතර මයික්‍රෝවේව් එකක දිය කර ගෙන ඒ ටික මෆින් ට්‍රේ 9ට බෙදලා දා ගන්න. එකකට දාන ප්‍රමාණය 1/2 cm විතර ඝනකම තියෙන්න දා ගන්න.
  • දැන් මේ ටික හොඳටම සෙට් වෙනකන් පැය 2ක් විතර ෆ්‍රීසර් එකේ තියලා තියන්න.
  • ඊළගට පොඩි බෝල් එකක දිය කර ගත්ත රස්නේ බටර් ටිකයි චොක්ලට් ටිකයි එකට දාලා බටර් ටික හොඳට දිය කර ගන්න.
  • දැන් වෙනමම ටිකක් ලොකු බෝල් එකක බිත්තරයි, සීනියි, වැනිලා ටිකයි එකට දාලා බීට් කරන්න.
  • මේ ටික ඔක්කොම හොඳට බීට් උනාට පස්සේ මේකට කලින් දිය කර ගත්ත චොක්ලට් ටික දා ගන්න.
  • ඊළගට පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පව්ඩර් ටිකයි එකට දාලා කලවම් කරලා ඒ ටිකත් ලොකු බෝල් එකට දාලා කලවම් කරන්න.
  • අගල් අට සයිස් එකේ හතරැස් බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට හදා ගත්ත බැටර් එකෙන් භාගයක් දා ගන්න.
  • දැන් කලින් හදා ගත්ත පීනට් බටර් ටික මේකට උඩින් තියා ගෙන ඉතුරු බැටර් එකෙන් මේ පීනට් බටර් ටික ඔක්කොම හොඳට කවර් කර ගන්න.
  • අන්තිමටම බ්‍රව්නි එක විනාඩි 30ක් විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • Peanut Butter Stuffed Brownies
    Peanut Butter Stuffed Brownies
    Peanut Butter Stuffed Brownies
    Peanut Butter Stuffed Brownies

    Contact DailyLife.lk

    or drop an E-Mail to