හාල් මැස්සන් හා කජු බැදුම

හාල් මැස්සොයි කජුයි එකට දාලා හදන මේ බැදුම ඔයාලට බත් මුලකට බදින්න, ට්‍රිප් එකක් යනකොට අරන් යන්න එහෙම නම් නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • වියළි හාල් මැස්සන් - 100g
  • කජු - 125g
  • හීනියට කපා ගත් ලොකු ළුණු - 02
  • කරපිංචා - ඉති 02
  • සුදු ළුණු - බික් 09 - 10
  • වියළි මිරිස් - තේ හැඳි 2 1/2
  • විනාකිරි - තේ හැඳි 1 1/2
  • සීනි - තේ හැඳි 1 1/2
  • රස පදමට ලුනු

සාදන ක්‍රමය:

  • මුලින්ම තෙල් ටිකක් රත් කරලා කජු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • ඊළගට පිළිවෙලින් කරපිංචා, සුදු ළුණු සහ ළුණු ටික බැද ගන්න. කරපිංචා ටික තත්පර 5 විතර බැදුනහම ඇති. නැත්නම් එහෙම කරපිංචා වල ලස්සන කොළ පාට නැති වෙලා යයි.
  • ළුණු ටිකත් ගොඩක්ම කර කර ගන්න එපා. එහෙම උනොත් එහෙම ඔයාලගේ බයිට් එක තිත්ත රස වෙයි.
  • අන්තිමටම හාල් මැස්සෝ ටිකත් රන්වන් පාට වෙනකන් බැද ගන්න.
  • දැන් වෙනමම භාජනයක තෙල් මේස හැන්දක් විතර රත් කරලා ඒකට කෑලි මිරිසුයි, සීනියි, ඔයාලගේ රස පදමට ලුනුයි දා ගන්න.
  • කෑලි මිරිස් ටික යන්තම් බැදෙනකොට විනාකිරි ටික දාලා කලවම් කරන්න.
  • දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කලින් බැද ගත්ත ඔක්කොම ටික මේකට දාලා විනාඩි 2-3 විතර හොඳට අඩු ගින්දරේ කලවම් කර ගන්න එක විතරයි.
  • මේක සුළං වදින්නේ නැති භාජනෙකට දාලා අසුරා ගත්තහම ඔයාලට ටික දවසක් තියා ගෙන කන්න පුළුවන්.
  • Dried Sprats and Cashew Bite
    Dried Sprats and Cashew Bite
    Dried Sprats and Cashew Bite

    Contact DailyLife.lk

    or drop an E-Mail to