මේ විදිහට ජින්ජර් බ්‍රෙඩ් කේක් එකක් හැදුවොත් වරදින්නේ නෑ

ජින්ජර් බ්‍රෙඩ් කේක් කියන්නේ ඉතින් ඉස්සර ඉදලම නත්තලට හරි ප්‍රසිද්ධ කෑමක්නේ. මේ රෙසිපි එකෙන් ඔයාලටත් හරිම ලේසියෙන් මෙදා පාර නත්තලට මේ කේක් එක හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 180g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 1/4
  • බේකින් සෝඩා - තේ හැඳි 1/4
  • ලුනු - තේ හැඳි 1/4
  • ඉඟුරු කුඩු - තේ හැඳි 01
  • කුරුදු කුඩු - තේ හැඳි 01
  • කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
  • කරාබු නැටි කුඩු - තේ හැඳි 1/4
  • ඕල් ස්පයිස් - තේ හැඳි 1/4
  • උණු වතුර - 120ml
  • පොල් පැණි / කිතුල් පැණි - 120ml
  • කුඩු කර ගත්ත සීනි - 120g
  • දිය කර ගත්ත බටර් - 85g
  • බිත්තර - 02
  • වැනිලා - තේ හැඳි 01
  • අයිසින් සීනි

සාදන ක්‍රමය:

  • පොඩි බෝල් එකක පිටියි, බේකින් සෝඩායි, බේකින් පවුඩර් ටිකයි, ලුනුයි, ඉඟුරුයි, කුරුදු කුඩු ටිකයි, කරදමුංගු කරාබු නැටි කුඩුයි, ඕල් ස්පයිස් ටිකයි හොඳට කලවම් කර ගන්න.
  • වෙනමම බෝල් එකක පැණි ටික උණු වතුරත් එක්ක කලවම් කර ගන්න. මේ විදිහට පැණි ටික උණු වතුරත් එක්ක කලවම් කර ගත්තහම අපිට හරිම ලේසියෙන් මේක අනිත් දේවල් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න පුළුවන්. ඔයාලට මේකට පොල් පැණි හරි කිතුල් පැණි හරි වෙනුවට මී පැණි අර ගන්නත් පුළුවන්.
  • දැන් මේකට සීනි ටිකයි, දිය කර ගත්ත බටර් ටිකයි දාලා කලවම් කර ගන්න.
  • ඊළගට පොඩ්ඩක් බීට් කර ගත්ත බිත්තර ටික එකතු කර ගන්න. වැනිලා ටිකත් මේකටම එකතු කර ගන්න ඕනේ.
  • දැන් කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික මේකට දාලා පොඩ්ඩක්වත් පිටි කැට හිටින්නේ නැති වෙන්න කලවම් කර ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් උනාට පස්සේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දාගෙන විනාඩි 30-35 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක් බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක හොඳටම නිමුනාට පස්සේ මේකට උඩින් අයිසින් සීනි ටිකක් ඉහලා ලස්සන කර ගන්න ඔයාලට පුළුවන්.
  • Gingerbread Cake
    Gingerbread Cake
    Gingerbread Cake
    Gingerbread Cake
    Gingerbread Cake
    Gingerbread Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to