කුකුල් මස් දාපු කරවිල බැදුම

කරවිල කන්න අපි හැමෝම කැමති නෑනේ. හැබැයි මේ විදිහට කුකුල් මස් එක්ක කරවිල ටික උයා ගත්තොත් නම් තිත්ත නැතුව රසට කරවිල ටික කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කරවිල - 150g
  • කටු රහිත කුකුල් මස් - 200g
  • ලොකු ළුණු - 01
  • සුදු ළුණු - බික් 05
  • අමු මිරිස් - 04
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • රස පදමට ලුනු
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • කරපිංචා
  • සෝයා සෝස් - තේ හැඳි 1 1/2
  • චිලී සෝස් - තේ හැඳි 1 1/2

සාදන ක්‍රමය:

  • මුලින්ම කරවිල ටික ඇට ඇරලා හීනියට කපා ගන්න. කපා ගත්ත කරවිල ටික ලුනු වතුරේ දාලා විනාඩි 15ක් විතර තියලා තියන්න.
  • ඊළගට කුකුල් මස් ටිකත් හීනියට කපා ගන්න.
  • සුදු ළුණු, අමු මිරිස්, ළුණු ටිකත් මේ විදිහටම කපා ගන්න.
  • දැන් ඔයාලා කලින් ලුනු වතුරේ දාගත්ත කරවිල ටික වතුර මිරිකලා වෙනමම භාජනෙකට දා ගන්න.
  • ඊළගට පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරලා කපා ගත්ත කරවිල ටික මේකට දාලා බැද ගන්න. මේ ටික ගැඹුරු තෙලේ බදින්න ඕනේ නෑ. යන්තම් මෙලෙක් වෙනකන් ටිකක් වෙලා බැද ගත්තහම ඇති.
  • දැන් කරවිල ටික පෑන් එකෙන් අයින් කරලා එකටම සුදු ළුණු ටිකත් දාලා බැද ගන්න.
  • කපා ගත්ත ළුණු ටිකත් මේකටම දාලා ළුණු ටික ටිකක් මෙලෙක් වෙනකන් විනාඩි 2-3 වෙලා බැද ගන්න.
  • ඊළගට අමු මිරිස් ටිකයි, කරපින්චයි, කුකුල් මස් ටිකයි දා ගන්න.
  • ගම්මිරිස් ටිකයි, කෑලි මිරිසුයි, රස පදමට ලුනුයි දාලා කලවම් කරලා මස් ටික හොඳට බැද ගන්න.
  • මස් ටික බැදුනාට පස්සේ සෝයා සෝස් ටිකයි, චිලී සෝස් ටිකයි එකතු කර ගන්න.
  • අන්තිමටම කරවිල ටික එකතු කරලා තවත් විනාඩි 02ක් විතර උයා ගෙන ලිපෙන් බා ගන්න.
  • Bitter Melon with Chicken
    Bitter Melon with Chicken
    Bitter Melon with Chicken
    Bitter Melon with Chicken

    Contact DailyLife.lk

    or drop an E-Mail to