කටට රසට මිරිස් සැරට පීකුදු

චිකන් පීකුදු කන්න හැමෝම කැමති නෑනේ. පීකුදු ටික හරියට උයා ගත්තේ නැත්තම් එහෙම ටිකක් පිලී ගදක් එක්ක පොඩි තිත්ත රසයක් එනවා. හැබැයි මේ විදිහට පීකුදු ටික උයා ගත්තොත් නම් එහෙම පීකුදු කන්නේ නැති අයත් ඉල්ල ඉල්ලා පීකුදු කයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චිකන් පීකුදු - 500g
  • අබ පේස්ට් - තේ හැඳි 01
  • රස පදමට ලුනු
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කොත්තමල්ලි කොළ - තේ හැඳි 01
  • ඉඟුරු කුඩු - තේ හැඳි 1/2
  • කුරුදු කුඩු - තේ හැඳි 1/2
  • ගරම් මසාලා - තේ හැඳි 1/2
  • පොල් තෙල් / එළවළු තෙල් - මේස හැඳි 04
  • සුදුරු - තේ හැඳි 1/2
  • කරපිංචා - ඉති 02
  • පොඩියට කපා ගත්ත අමු මිරිස් - 02
  • හීනියට කපා ගත්ත රට ළුණු - කෝප්ප 01
  • ඉඟුරු සුදු ළුණු පේස්ට් - මේස හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කරදමුංගු - 02
  • කරාබු නැටි - 02

සාදන ක්‍රමය:

  • මුලින්ම සෝදලා අරගත්ත පීකුදු ටික බෝල් එකකට දාගෙන ඒකට ලුනුයි, කහ කුඩුයි, මිරිස් කුඩුයි, කොත්තමල්ලි කොළයි, ඉඟුරු කුඩුයි, කුරුදු කුඩුයි, ගරම් මසාලයි, අබ පේස්ට් ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • මේ දා ගත්ත දේවල් ටික ඔක්කොම හොඳට පීකුදු ටිකට අල්ලා ගන්නකම් මේ ටික විනාඩි 20-30 විතර පැත්තකින් තියලා තියන්න.
  • ඊළගට පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට සුදුරු ටිකයි, කරදමුංගු කරාබු නැටි ටිකයි, අමු මිරිස් ටිකයි, කරපිංචා ටිකයි දා ගන්න.
  • දැන් මේකට හීනියට කපා ගත්ත ළුණු ටික දා ගෙන ඒ ටික විනාඩි 2-3 විතර උයා ගන්න.
  • ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩුයි, ඉඟුරු සුදු ළුණු පේස්ට් එකයි දා ගන්න.
  • දැන් අපි කලින් හදා ගත්ත පීකුදු ටික මේකට දාලා විනාඩි 2 විතර වැඩි ගින්දරේ උයා ගන්න.
  • ඊළගට ගින්දර මද්‍යම ප්‍රමානෙට අඩු කරලා පීකුදු ටික ඔක්කොම හොඳටම ඉදෙනකන් උයා ගන්න.
  • Chicken Liver Stir Fry
    Chicken Liver Stir Fry
    Chicken Liver Stir Fry
    Chicken Liver Stir Fry
    Chicken Liver Stir Fry

    Contact DailyLife.lk

    or drop an E-Mail to