නත්තලට මේ කුකී එක නැත්නම් වැඩක් නෑ

මෙදා පාර නත්තලට හදා ගන්නම ඕනේ කුකී එකක් තමයි මේ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ ජින්ජර් බ්‍රෙඩ් කුකී එක ඔයාලට නත්තලට ටික දවසකට කලින් උනත් හදලා තියා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකීස් 15 සඳහා

  • පාන් පිටි - 215g
  • දුඹුරු සීනි - 65g
  • බේකින් සෝඩා - තේ හැඳි 1/2
  • කුරුදු කුඩු - තේ හැඳි 01
  • ඉඟුරු කුඩු - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/4
  • ලුනු රහිත බටර් - 85g
  • පොල් පැණි / කිතුල් පැණි - 108g
  • නැවුම් කිරි - මේස හැඳි 01
  • අයිසින් සීනි - 30g

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටියි, සීනියි, ඉඟුරුයි, කුරුදු කුඩුයි, බේකින් සෝඩයි, ලුනු ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
  • ඊළගට මේකට පොඩි කෑලි වලට කපා ගත්ත බටර් ටික දාලා ඒ ටික පාන් කුඩු වගේ පදමට එනකන් පිටි ටිකත් එක්ක හොඳට අතින් කලවම් කර ගන්න.
  • දැන් මේකට කිරි ටිකයි, පැණි ටිකයි, එකතු කර ගන්න. ඔයාලට මේකට පොල් පැණි හරි කිතුල් පැණි හරි වෙනුවට මී පැණි අර ගන්නත් පුළුවන්.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් උනහම අතේ ඇලෙන්නේ නැති මට්ටමට මේ පිටි මිශ්‍රණය එන්න ඕනේ.
  • දැන් මේක කුකීස් ටික හදා ගන්න කලින් විනාඩි 30ක් 45ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අර ගන්න. ඔයාලා ටිකක් රස්නේ පළාතක ඉන්නවා නම් එහෙම මේක පැයක් පැය එක හමාරක්වත් ෆ්‍රිජ් එකේ තියා ගන්න.
  • දැන් මේ පිටි මිශ්‍රණයෙන් තරමක බෝල ටිකක් හදා ගෙන, ඒ ටික අයිසින් සීනි වල තවරලා බේකින් ට්‍රේ එකෙන් තියා ගන්න. ඔයාලා ටිකක් රස්නේ පළාතක ඉන්නවා නම් එහෙම ඔයාලා මේ බෝල ටික ඔක්කොම හදලා ඉවර වෙනකොට සමහරවිට මුලින්ම හදා ගත්ත බෝල වල අයිසින් සීනි ටික ගොඩක් ඒවාට උරා ගෙන තියෙයි. එහෙම උනොත් එහෙම දෙවෙනි පාරටත් මේ ටික අයිසින් සීනි වල රෝල් කරලා අර ගන්න.
  • දැන් මේ ටික විනාඩි 14ක් විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කුකීස් ටික හොඳටම නිමුනාට පස්සේ සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
  • Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies
    Gingerbread Crinkle Cookies

    Contact DailyLife.lk

    or drop an E-Mail to