ලසඤ්ඤා හදන එක හිතන තරම් අමාරු නෑ

අපි අද රසම රස ඉතාලි කෑමක් හදන්නයි යන්නේ. ඒ තමයි ලසඤ්ඤා. ලසඤ්ඤා සාමන්යෙන් හදන්නේ හරක් මස් වලින්. හැබැයි අපි අපි අද හදන්න යන්නේ චිකන් ලසඤ්ඤා එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් මිශ්‍රණය

  • ඔලිව් තෙල් - මේස හැඳි 02
  • ලොකු ළුණු - 01
  • කැරට් - 02
  • සෙලරි - 02
  • සුදු ළුණු - බික් 03
  • අඹරා ගත්ත චිකන් - 500g
  • තක්කාලි පුයුරී - 750g
  • තක්කාලි පේස්ට් - 50g
  • සීනි - තේ හැඳි 03
  • ඔරිගානෝ - තේ හැඳි 01
  • බැසිල් කොළ - 4-5
  • වයිට් වයින් / චිකන් ස්ටොක් / වතුර - 200ml
  • රස පදමට ලුනු හා ගම්මිරිස්

අවශ්‍ය ද්‍රව්‍ය: සෝස් එක සඳහා

  • ලුනු රහිත බටර් - 60g
  • පාන් පිටි - 40g
  • නැවුම් කිරි - 560ml
  • නට්මෙග් - තේ හැඳි 1/2
  • රස පදමට ලුනු සහ ගම්මිරිස්

අවශ්‍ය ද්‍රව්‍ය: අනෙකුත්

  • මොසරල්ලා චීස් - 200g
  • ලසඤ්ඤා ශීට් - 9-12

සාදන ක්‍රමය:

  • චිකන් මිශ්‍රණය හදා ගන්න මුලින්ම, ළුණුයි, සෙලරියි, කැරටුයි, සුදු ළුණුයි, බැසිල් කොළ ටිකයි පොඩියට කපා ගන්න.
  • ඊළගට පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට කපා ගත්ත කැරටුයි, ළුණුයි, සෙලරියි, සුදු ළුණු ටිකයි දාලා මද ගින්දරේ මේ ටික ටිකක් මෙලෙක් වෙනකන් උයා ගන්න.
  • දැන් කුකුල් මස් ටික දා ගෙන මස් ටිකේ අමු ගතිය යනකන් උයා ගන්න. ඔයාලට මේකට ඔයාලා කැමති මස් වර්ගයක් අර ගන්න පුළුවන්.
  • ඊළගට තක්කාලි පේස්ට් ටිකයි, තක්කාලි පුයුරී ටිකයි දා ගන්න.
  • දැන් චිකන් ස්ටොක් ටිකයි, සීනියි, ඔරිගානෝ ටිකයි රස පදමට ලුනුයි ගම්මිරිස් ටිකයි දා ගන්න. පෑන් එක වහලා මද ගින්දරේ පැය 1 1/2ක් විතර මේකේ වතුර ගතිය අඩු වෙනකන් උයා ගන්න.
  • චිකන් මිශ්‍රණය හදලා ඉවර උනාට පස්සේ අපිට පුළුවන් සෝස් එක හදන්න පටන් ගන්න. ඒකට මුලින්ම බටර් ටික පෑන් එකකට දාලා දිය කර ගන්න.
  • දිය කර ගත්ත බටර් ටිකට පිටි ටික දාලා විනාඩියක් විතර හොඳට හැඳි ගාන්න.
  • දැන් ලිප ඔෆ් කරලා මේකට කිරි ටික දාලා කලවම් කරන්න. ආයෙත් ලිප ඔන් කරලා මේ සෝස් එක ටිකක් උකු වෙනකන් දිගටම හැඳි ගාන ගමන් උයා ගන්න.
  • සෝස් එක හොඳට උකු උනහම ලිප ඔෆ් කරලා නට්මෙග් ටිකයි, ලුනුයි, ගම්මිරිස් ටිකයි දා ගන්න.
  • අපි දැන් හදා ගත්ත ටික ඔක්කොම එකට එකතු කරගෙන ලසඤ්ඤා එක හදා ගන්නයි යන්නේ. අපි මේකට අර ගන්නේ අගල් 8 x 12 සයිස් එකේ තැටියක්. මුලින්ම මේ තැටියේ හැම තැනම ඔලිව් තෙල් ටිකක් හරි දිය කර ගත්ත බටර් ටිකක් හරි ගා ගන්න.
  • තැටියේ යටටම චිකන් ලේයර් එකක් දා ගන්න. මේකට උඩින් සෝස් දා ගන්න. දැන් මේ සෝස් ටික වැහෙන්න චීස් දා ගන්න. මේකට උඩින් ලසඤ්ඤා ශීට් ටික තියා ගන්න. මේ විදිහට දිගටම ලේයර්ස් හදා ගන්න.
  • අන්තිමටම ලසඤ්ඤා එකේ උඩටම චිකන් ටිකයි සෝස් ටිකයි දා ගෙන ඒ සෝස් ටික වැහෙන්න හොඳට චීස් දා ගන්න.
  • ලසඤ්ඤා එක බේක් කර ගන්න කලින් අපි මේ තැටිය ඇලුමිනියම් ෆොයිල් එකකින් වහ ගන්න ඕනේ. මේක කවර් කර ගනිද්දී ෆොයිල් එක චීස් වල ගෑවෙන්නේ නැති වෙන්න කවර් කර ගන්න.
  • මුලින්ම මේක විනාඩි 25ක් විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න. ඊළගට ෆොයිල් එක අයින් කරලා තවත් විනාඩි 25ක් විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත ලසඤ්ඤා එක විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තියන්න.
  • දැන් මේකට උඩින් තවත් බැසිල් කොළ ටිකක් දාලා ලස්සන කරගෙන රස බලන්න.
  • Chicken Lasagna
    Chicken Lasagna
    Chicken Lasagna
    Chicken Lasagna
    Chicken Lasagna
    Chicken Lasagna

    Contact DailyLife.lk

    or drop an E-Mail to