චොක්ලට් පෙරේතයින්ටම හරියන කේක් එක : ඩෙවිල්ස් ෆුඩ් කේක්

අපි අද හදන්නේ චොක්ලට් පෙරේතයින්ට කියාපුම කේක් එකක්. මේ කේක් හරිම රස චොක්ලට් පිරිලා ඉතිරිලා යන කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • කේක් පිටි - 240g
  • ලුනු - තේ හැඳි 01
  • බේකින් සෝඩා - තේ හැඳි 02
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • ඩච් ප්‍රොසෙස්ඩ් කොකෝවා පවුඩර් - 100g
  • එළවළු තෙල් - 120ml
  • ලුනු රහිත බටර් - 113g
  • දුඹුරු සීනි - 110g
  • කුඩු කර ගත්ත සුදු සීනි - 300g
  • ලොකු බිත්තර - 03
  • වැනිලා - මේස හැඳි 01
  • සවර් ක්‍රීම් - කෝප්ප 1/2
  • නැවුම් කිරි - කෝප්ප 1/2
  • උණු කෝපි - 240ml

අවශ්‍ය ද්‍රව්‍ය: අයිසින් කිරීමට

  • ලුනු රහිත බටර් - 360g
  • කොකෝවා පවුඩර් - 65g
  • ලුනු - තේ හැඳි 3/4
  • වැනිලා - තේ හැඳි 1 1/2
  • අයිසින් සීනි - 870g
  • සවර් ක්‍රීම් - මේස හැඳි 03

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටි ටිකයි, ලුනුයි, බේකින් සෝඩායි, බේකින් පවුඩර් ටිකයි කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • දැන් වෙනමම බෝල් එකක කොකෝවා පවුඩර් ටික තෙල් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට ටිකක් ලොකු බෝල් එකක බටර් ටික හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණයයි, දුඹුරු සීනි ටිකයි සුදු සීනි ටිකයි දා ගන්න.
  • ඊළගට වැනිලා ටිකයි බිත්තර ටිකයි දාලා කලවම් කරන්න.
  • දැන් හදා ගත්ත පිටි මිශ්‍රණයෙන් භාගෙකුයි, සවර් ක්‍රීම් භාගෙකුයි, කිරි භාගෙකුයි කලවම් කරන්න.
  • ඊළගට ඉතුරු පිටි ටිකයි, සවර් ක්‍රීම් ටිකයි, කිරි ටිකයි කලවම් කරන්න. මේ ඔක්කොම ටික එක පාර දා ගන්නේ නැතුව ටික ටික දා ගත්තහම කලවම් කර ගන්න හරිම ලේසියි.
  • අන්තිමටම කෝපි ටික දා ගන්න.
  • ඔක්කොම දේවල් ටික හොඳට කලවම් උනාට පස්සේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ දෙකකට සමානව දාගෙන 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • අපි අද මේ කේක් එක ලස්සන කර ගන්නේ බටර් ක්‍රීම් ෆ්රෝස්ටින් එකකින්. මේ ෆ්රොස්ටින් එක හදා ගන්න මුලින්ම බටර් ටිකේ කහ පාට ගතිය අඩු වෙනකන් විනාඩි 05ක් විතර බේක් කර ගන්න.
  • දැන් මේකට වැනිලා ටිකයි, ලුනුයි, කොකෝවා පවුඩර් ටිකයි, ක්‍රීම් ටිකයි දා ගන්න.
  • අන්තිමට අයිසින් සීනි ටික ටික දදා ෆ්රොස්ටින් එක ඔයාලා කැමති පදමට එනකන් බීට් කර ගන්න.
  • කේක් එක හොඳටම නිමුනාට පස්සේ ඔයාලා කැමති විදිහට කේක් එක සරසා ගන්න.
  • Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake
    Devil's Food Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to