වියලි සහ හානි වූ හිස කෙස් වලට…

  • ඔයාලාට තියෙන්නේ dry and damaged hair එකක් නම් ඔයාලා use කරන shampoo එකේ damaged hair පෝෂණයට අවශ්‍යවන අමතර proten and moisture අඩංගු දැයි සැලකිලිමත් වන්න ඕනේ. ඒවගේම ඔයාලාගේ හිසකෙස් "වියලීමට" හා "විලාසිතාවන්" කිරීමට පෙර "Leave-on" conditioner එකක් use කරන්න අමතක කරන්න එපා.
  • Protein Treatments- Damaged hair සදහා ඇති ආලේපන use කිරීමේදී, සලකිලමත් වන්න. එහි ඔයාලාගේ hair එකට අවශ්‍ය වන protein අඩංගු ද කියලා හොඳින් බලන්න. Protein treatment කෙස් වලට ඉතාමත් යෝග්‍ය සහ damaged hair නැවත පිළිසකර කිරීමට ක්‍රියා කරනවා. නමුත් එය කෙස් කලබේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.
  • දිනපතා ස්නානයේදී conditioner එකක් use කරන්න.
  • නිතර haircuts වෙනස් කරන්න. එමගින් ද damaged hair කැපීමට ලක්වෙන නිසා, healthy hair එකක් ලබා ගන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න, නිරෝගී කෙස් කලබක් පවත්වා ගැනීමටනම් අඩුම වශයෙන් සති 08ටකට සැරයක්වත් ඔබේ හිස කෙස් අගල් 1/2ක් කැපීම අනිවාර්ය වෙනවා කියලා.
  • Hair dryers සහ ඉතා උණුසුම් iron use කිරීමෙන් වලකින්න. Hair dryers and curling හෝ straightening iron නිසා ඔබේ හිස කෙස් පිළිස්සීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට rollers හෝ coolest setting වලින් hair dryer භාවිත කරන්න.
  • තෙල් සහ විනාකිරි භාවිතය- මුලින්ම olive oil දමා හිසකෙස් පිරිමැද, මෘදු රෙදි කඩකින් ආවරණය කරන්න. මුළු රැයක් මේ විදිහට තියන්න. ඉන්පසු සුදු විනාකිරි වලින් එය සෝදා හරින්න (shampoo වලට කලින් භාවිතා කරන්න, conditioner එකක් සේ). මෙමගින් dandruff අඩු වනවා වගේම ඔයාලාගේ dry hair එකට shine එකක්ද එකතු කරනවා.
  • Mineral oil බිංදු කීපයකින් ඔබේ කෙස් පිරිමදින්න
  • බිත්තර සුදු මද වතුර හා මී පැණි mix කර, ඇල් මැරුණු වතුරෙන් තෙත් කරගත් හිසකෙස් මත ආලේප කරන්න. විනාඩි 10ක් විතර තියලා, සෝදා ඉවත් කරන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to