ඇගේ ලස්සන මතු වෙන්න බ්‍රා එකක් තෝරා ගන්නේ මෙහෙමයි

තමන්ට හරියටම ගැළපෙන හොඳ බ්‍රා එකක් තෝරා ගන්න එක කාන්තාවකට හරිම වැදගත් දෙයක්. හරියට ගැළපෙන්නේ නැති බ්‍රා එකක් ඔයාලට අපහසුතාවයක් ඇති කරනවා, ආත්ම ශක්තිය අඩු කරනවා වගේම ඔයාලගේ මුළු දවසම එපා කරවනවා. ඇගේ ලස්සන හරියමට මතු වෙලා පේන්න නම් ඔයාලගේ ඇගට හරියටම ගැළපෙන බ්‍රා එකක් තෝරා ගන්න ඕනේ. ඒත් එක්කම හැම ඇදුමකටම එකම විදිහේ බ්‍රා එකක් අදින්න එපා. අදින ඇදුම, දවසේ වෙලාව, ඇදුම අදින උත්සවම අනුව බ්‍රා එකත් වෙනස් කරන්න ඕනේ. බ්‍රා එකක් ගන්න කලින් ඔයාලට ගැළපෙන බ්‍රා එකක් තෝරා ගන්නේ කොහොමද කියලා දැනගෙන ගියොත් හරිම බ්‍රා එක තෝරා ගන්න පුළුවන්.

ඇගේ ප්‍රමාණයට ගැළපෙන බ්‍රා එක තෝරා ගන්න

තෝරා ගන්න බ්‍රා එක ඔයාලගේ ඇගට ගොඩක් ලොකු වෙන්නෙත් නැතුව ඕනෑවට වඩා හිර වෙන්නෙත් නැති වෙන්න ඕනේ. ඇගට අපහසුතාවයක් ඇති නොවෙන්න බ්‍රා එක හොඳට ඇගට ගැළපෙන්න ඕනේ. හැමවෙලේම අළුතෙන් බ්‍රා එකක් අර ගන්න කලින් ඔයාලාගේ ඇගේ සහ පියයුරු වල ප්‍රමාණය මැන ගෙන යන්න. අපිට ජීවිත කාලෙටම එකම සයිස් එකේ බ්‍රා එකක් ගැලපෙන්න නෑ. මොකද අපේ ශරීරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන පාරක් ගානේ අපිට ගැළපෙන බ්‍රා සයිස් එකත් වෙනස් වෙනවා. ඒක හින්දා හිතේ හෝදිසියට නිකන් උඩින් තියලා බ්‍රා එකක් ගන්නේ නැතුව හරියමට ප්‍රමාණය මැනගෙන යන්න. ඔයාගේ ප්‍රමාණය 33 1/2 නම් ඒක ලගම තියන ලොකු ඉලක්කමට වට යන්න. ඒ කියන්නේ ඔයා අර ගන්න ඕනේ සයිස් එක 34. ඔයාගේ ප්‍රමාණය 35 නම් ඔයා 34 , 36 කියන සයිස් දෙකම ඇදලා බලන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාලාගේ පියයුරු වල ප්‍රමාණය. සාමාන්‍යයෙන් කාන්තාවකගේ එක පියයුරක් අනිත් පියයුරට වඩා ලොකුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හින්දා පියයුරු වල ප්‍රමාණය මනිනකොට හැමවෙලේම ලොකු පියයුර මැනලා ඒ අනුව බ්‍රා එක අර ගන්න.

පහසුවෙන් වෙනස් කල හැකි පටිය

ඇගේ ලස්සන හොඳට මතු වෙලා පේන්න නම් තනපුඩුව උර හිසේ හා වැලමිටේ හරි මැද්දට හිටින්න ඕනේ. ඔයාලගේ පියයුරු වැලමිට හරියට එල්ල හැලෙනවානම් පටියෙන් කොට කරලා අගට පහසු විදිහට ලස්සනට හරි ගස්සා ගන්න ඕනේ. මේ විදිහට තමන්ට ඕනේ විදිහට ලස්සනට හදා ගන්න නම් බ්‍රා එකේ පටිය ඉතා පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ.

හොඳට ඇගට සෙට් වෙන බ්‍රා එකක්

ඔයාලා තෝරා ගන්න බ්‍රා එක පිටිපස්සේ හක් ටික දැම්මට පස්සේ හොඳට ඇගට සෙට් වෙන්න ඕනේ. ඒ වගේම තමයි බ්‍රා එකේ පටි වලිනුත් බ්‍රා එක හොඳට ඇගට සෙට් කර ගන්න පුළුවන්. බ්‍රා එකේ පටිය සහ හක් විතරක් නෙමේ, ඔයාලාගේ පියයුරු බ්‍රා කප් වලින් ටිකක් එලියට පනිනවාන්ම ඒ බ්‍රා එක ඔයාලාට සෙට් .වෙන්නේ නෑ.

විලාසිතාව වගේම බ්‍රා එක හදාලා තියන විදිහ ගැනත් බලන්න

ඔයාලාගේ පියයුරු ඕනෑවට වඩා ලොකු හෝ පොඩියි කියලා දුක් වෙන්න එපා. ඔයාලාට තියෙන්නේ කොයි විදිහේ පියයුරක් උනත් හරියටම ගැලපෙන බ්‍රා එකකින් ඔයාලගේ අගේ ලස්සන ඔප් නන්වා ගන්න පුළුවන්. හැම වෙලේම එකම විදිහේ බ්‍රා අදින්න එපා. වෙළද පොලේ තියන විවිධ වර්ගයේ බ්‍රා ඇදලා බලන්න. ඔයාලා උත්සවයකට යනවනම් ඔයාලාට ඕනේ මොන විදිහේ බ්‍රා එකක්ද කියලා බලන්න ඕනේ ඔයාලා ඒ උත්සවයට අදින්න ඉන්න ඇදුමත් එක්ක. ඔයාලා ව්‍යායාම් කරනකොට අනිවාර්යෙන්ම අදින්න ඕනේ ව්‍යායාම් කරනකොට අදින්න ඕනේ බ්‍රා එකක්. අනිත් වැදගත්ම දේ තමයි බ්‍රා එක හදල තියන අමුද්‍රව්‍ය. දහදිය හොඳින් උරන ඔයාලාගේ අගට පහසු එකක් තෝරා ගන්න. ඔයාලා තෝරා ගන්න බ්‍රා එක හොඳට උසස් තත්වයේ එකක්ද කියලා බලන්න. සමහර බ්‍රා එක දිගට ඇද ඇද හෝදනකොට හරි ඉක්මනට ඇදිලා යනවා. එහෙම වෙන්නේ නැති හොඳ බ්‍රා එකක් අර ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to