සරම් අදින්නේ කොල්ලෝ විතරද?

සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්. හැබැයි දැනට ටික දවසකට කලින් සරම් අපේ රටේ විලාසිතා අතර ප්‍රධාන තැනක් ගත්තා. ගොඩක් පිරිමි කට්ටිය මංගල උත්සව සහ විශේෂ උත්සව සදහාත් සරම් අදින්න පටන් ගත්තා. මේ හේතුව නිසාම සාම්ප්‍රධායික සරම විවිධ විලාසිතා එක්ක වෙළද පොලට ආවා.

සරම් අදින්නේ පිරිමි අය විතරද? අපෝ නැහැ. ගැහැණු කට්ටියත් සරම් අදිනවා. හැබැයි අපි ඒකට සරම කියලා කෙලින්ම කියන්නේ නෑ. අපි ඒකට කියන්නේ ලුන්ගිය කියලා. මේ කොහොම උනත් ලුන්ගියත් සරමක්ම තමයි. සරම සරම විදිහටම අදිනවාට වඩා එක එක විදි වලට අදින්න පුළුවන්.

අපේ රටේ සරම් අදින එක ගැන කතා කරනකොට ඉතින් වැඩි තැනක් යන්නේ පිරිමි අයටනේ. පිරිමි අයටත් පරණ විදිහටම සරම අදිනවාට වඩා අලුත් විදි ටිකකට සරමක් අදින්න පුළුවන්. ඔයාලා සරම අදින අවස්තාව අනුව ගැළපෙන විලාසිතාවක් තෝරා ගන්න. සරම ගැට ගහන විදිහ, සරම නමන විදිහ, සරමේ උස ප්‍රමාණය, සරම සමග අදින කමිසය වගේ දේවල් වෙනස් කරලා ඔයාලගේ ඇගට ගැලපෙන විලාසිතාවක් ඔයාලටම තෝරා ගන්න පුළුවන්. ඇත්තටම සමහර පිරිමි කට්ටියට කලිසම් අදිනවාට වඩා සරමක් ඇන්දහම හරිම ලස්සනයි. ඒ විතරක් නෙමේ සමහර ගැහැණු ළමයිනුත් හරිම කැමතියි පිරිමි අය සරම් අදිනවාට. ඉතින් විශේෂ අවස්තාවකට සහභාගී වෙනකොට හැමදාම එකම විදිහට අදිනවාට වඩා වෙනස් විදිහකට ඇදගෙන ගියොත් ඔයාලාගේ ජීවිතේ ලස්සන වෙනසක් වෙන්නත් පුළුවන්.

මේ දවස් වල සාම්ප්‍රධායික සරමට ගොඩක් වෙනස්කම් එකතු වෙලා තියනවා. සාක්කු, බොත්තම්, පටි, විදිධ හැඩ ගන්වන දේවල් මේ යටතට අයත්. සරමක් අදින්න තෝරා ගනිද්දී අදින්නන් වාලේ සරම් අදින්නේ නැතුව තමන්ගේ ඇගට ගැලපෙන, අවස්ථාවට ගැලපෙන විදිහට සරමක් තෝරා ගන්න.

සරම් අදින එක දැන් ගැහැණු ළමයි අතරත් ගොඩක් ජනප්‍රියයි. කෙලින්ම සරම කිව්වේ නැති උනාට මේ විලාසිතා අයත් වෙන්නේ සරම් යටතට තමයි. ඔයාලා ඕනේ තරම් දැකලා ඇති මේ දවස් වල අවුරුදු කාලෙට රෙද්ද හැට්ටේ අදිනවා වෙනුවට ගැහැණු කට්ටිය ගොඩක්ම අදින්නේ ලුන්ගිය. මංගල උත්සව, අනෙකුත් විශේෂ උත්සව විතරක් නෙමේ සාමාන්‍ය එදිනෙදා ගමන් වලදීත් දැන් ගොඩක් අය මේ ලුන්ගිය අදින්න පුරුදු වෙලා ඉන්නවා. ගැහැණු කට්ටිය පිරිමි අයටත් වඩා එක එක විලාසිතා මේ සරමට එකතු කරලා එක එක හැඩ වලට මේ ලුන්ගිය අදිනවා.

ඉතින් දැන් ඔයාලටත් පුළුවන් මේ අළුත් විලාසිතා එක්ක ඉස්සරහට යන්න. ගැහැණු පිරිමි බේධයකින් තොරව ඔයාලගේ ලස්සන තවත් වැඩි වෙන විදිහේ ලස්සන විලාසිතා ටිකක් ඔයාලත් තෝරා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to