බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්

බිත්තර කිව්වාහම අපිට එක පාරටම මතක් වෙන්නේ මොකක් හරි රස විදිහකට හදාගෙන බිත්තරේ කන එක ගැන. හැබැයි අපි අද කියන්න යන්නේ බිත්තර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා. ගොඩක් අය බිත්තර වල තියන පිලී ගඳ හින්දා වැඩිය බිත්තර කොන්ඩේ මුණේ එහෙම ගාන්න කැමති නෑ . හැබැයි බිත්තර වලට ඔයාලව ලස්සන කරන්න පුළුවන් විදිහ දන්නවනම් එහෙම ඔයාලා කවදාවත් මේ දේවල් නොකර ඉන්න එකක්නම් නෑ.

බිත්තර සුදු මද මාස්ක්

මේ මාස්ක් එක හදා ගන්න අපිට ඕනේ කරන්නේ බිත්තරයක සුදු මදයයි මී පැණි තේ හැන්දකුයි විතරයි. බිත්තර සුදු මදෙයි මී පැණි ටිකයි හොඳට කලවම් කරලා මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. මේ පේස්ට් එක හොඳට වේලෙනකන් මුණේ තියලා මද උණුසුම් වතුරෙන් හෝදලා දාන්න.

කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීමට

බිත්තරයක් දෙහි ගෙඩියක ඉස්ම එක්ක හොඳට කලවම් කරන්න. මේ මිශ්‍රණය මුහුණේ ගාලා හොඳට වේලෙනකන් මුණේ තියන්න. ඊට පස්සේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. කුරුලෑ සහ කළු ලප ඉවත් වෙනකන් සතියකට වරක් මේ ප්‍රතිකාරය කරන්න.

මුළු ඇගේම ගාන්න පුළුවන් බොඩි ස්ක්‍රබ් එකක්

මේ ස්ක්‍රබ් එක හදා ගන්න ඕනේ කරන්නේ හොඳට තම්බපු බිත්තර 05ක විතර බිත්තර කටු ටිකයි, මී පැණි ටිකකුයි, ලුණු ටිකකුයි. ඉස්සෙල්ලම බිත්තර කටු ටික හොඳට කුඩු වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. ඊළගට මී පැණි මේස හැඳි දෙකකුයි, ලුණු ටිකකුයි එක්ක මේ බිත්තර කටු ටික හොඳට ඝන පේස්ට් එකක් වගේ වෙනකන් කලවම් කර ගන්න. මේ පේස්ට් එකෙන් ටිකක් ලුෆා එකකට දාලා නාන වෙලාවට හොඳට ඇග අතුල්ලන්න. මේ ප්‍රතිකාරය ඔයාලාට මැරුණු හා වියලි සම ඉවත් කරලා දිදුලන සමක් ලබා ගන්න උදව් වෙනවා.

නියපොතු ලස්සන කර ගන්න

ඔයාලටත් තියෙන්නේ ඉක්මනට කැඩිලා යන දුර්වල නියපොතුද? එහෙනම් මෙන්න ඒකට නියම විසදුම. බිත්තර කහ මදේ උණුසුම් කිරි කෝප්ප කාලක් එක්ක කලවම් කරලා ඔයාලාගේ නියපොතු විනාඩි 10ක් විතර මේ මිශ්රණේ දාගෙන ඉන්න. ඊට පස්සේ සීතල වතුරෙන් දෑත් සෝදා හරින්න. මේ ප්‍රතිකාරයෙන් ඔයාලාට ශක්තිමත් හා දීප්තිමත් නිය පෙළක් ලබා ගන්න පුළුවන්.

හිස කෙස් වැටීමට හා හිස්හොරි වලට හොඳම විසදුම

අධික ලෙස හිස කෙස් ගැලවී යාමේ හා හිස්හොරි ප්‍රශ්නය තියන ඔයාලාට බිත්තර වලින් සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. ඔයාලා දැන ගෙන හිටියද? බිත්තර 02ක සුදු මද අරගෙන හොඳට බීට් කරලා ඒකට පිරිසිදු පොල් තෙල් මේස හැඳි 04ක් කලවම් කරන්න. මේ මිශ්රණේ බ්‍රෂ් එකක් ආධාරයෙන් තෙත කොන්ඩේ හා හිස් කබලේ හැම තැනම ආලේප කරන්න. පයක් විතර මේ විදිහට තියෙන්න ඇරලා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. බිත්තර වල තියන ෆැටි ඇසිඩ් හා අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වලින් හිස් කබල පෝෂණය කරලා නිරෝගී හා දිගු කෙස් කලබක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

මුහුණට හොඳ ස්ක්‍රබ් එකක්

මුහුණේ තියන ලප කැළැල්, අදුරු ලප, ඇස් යට කළු වීම හා මුහුණ අවපැහ ගැන්වීම අවම කරන ස්ක්‍රබ් එකක් ලෙස බිත්තර සුදු මදය යොදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය මුහුණේ හා බෙල්ලේ හැම තැනම අලේප කරලා පැයක් විතර වේලෙන්න තියන්න. ඊළගට සීතල වතුරෙන් සෝදා හරින්න. බිත්තර සුදු මදේ තියන විටමින් හා ප්‍රෝටීන් මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දීලා පැහැපත් මුහුණක් ලබා ගන්න උදව් වෙනවා.

ස්ක්‍රැච් මාර්ක් (Scratch Mark) ඉවත් කර ගන්න

ස්ක්‍රැච් මාර්ක් අපේ සමට හරිම අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. අපිට ස්ක්‍රැච් මාර්ක් තියනවනම් අපි ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශය වැහෙන්න තමයි ඇදුමක් උනත් අදින්නේ. බිත්තර සුදු මදේ ආමන්ඩ් බින්දු කීපයක් එක්ක මිශ්‍ර කරලා ස්ක්‍රැච් මාර්ක් තියන ප්‍රදේශය විනාඩි 05ක් විතර හොඳට මසාජ් කරන්න. තවත් විනාඩි 10ක් විතර ආලේපනය මේ විදිහටම ඇගේ තියලා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය නිරන්තරයෙන් කිරීම මගින් ඔයාලට ස්ක්‍රැච් මාර්ක් වලට සාර්ථක විසදුමක් ලබා ගන්න පුළුවන්.

තෙල් සහිත සමේ තෙල් ගතිය අඩු කර ගන්න

ඔයාලාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් බිත්තර සුදු මදයට දෙහි යුෂ තේ හැඳි 03ක් එකතු කරලා මුහුණේ ගාන්න. විනාඩි 15කට විතර පස්සේ සෝදලා හරින්න. මේ ක්‍රමයෙන් ඔයාලාගේ මුහුණේ තියන තෙල් ගතිය අඩු කර ගන්න පුළුවන්.

හිස කෙස් වලට හොඳ කන්ඩිෂනර් එකක්

වෙළද පලේ තියන එක එක කන්ඩිෂනර් ගානවාට වඩා ඔයාලට බිත්තර පාවිච්චි කරලා හොඳ කන්ඩිෂනර් එකක් ගෙදරදීම හදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය එක්ක යෝගට් කෝප්ප 1/4 යි ඔලිව් තෙල් තේ හැඳි 02යි මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45ක් විතර හිසේ තියලා සෝදා හරින්න. ඔයාලට සිනිදු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගන්න මේ සත්කාරය ඉතා වැදගත් වේවි.

අකීකරු කෙස් කළඹ කීකරු කර ගන්න

ඔයාලටත් තියෙන්නේ අකීකරු කෙස් කළඹක් නම් මේ සත්කාරය කරලා බලන්න. මයෝනිස් මේස හැඳි 01ක් බිත්තර 02ක් එක්ක හොඳට කලවම් කරන්න. හිස කෙස් මුල සිට අගට යනකන්ම මේ මිශ්‍රනේ අලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස කෙස් වහලා විනාඩි 20ක් විතර තියන්න. ඊට පස්සේ ඔයාලා භාවිතා කරන ෂැම්පු එකෙන් හිස කෙස් හොඳට සෝදා හරින්න.

ඉහත සඳහන් සියළු ප්‍රතිකාර කිරීමට පෙර ඔබගේ සෞක්‍ය තත්වය හා ආසාත්මිකතා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to