මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

නැවුම් කිරි කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. කිරි වල තියන විවිධ පෝෂ්‍ය පදාර්ථ අපිට නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න උදව් කරනවා වගේම අපේ සම ලස්සන කර ගන්නත් නැතුවම බැරි දෙයක් තමයි කිරි. අපේ මුහුණට පැහැපත් සහ දිදුලන පෙනුමක් ලබා ගන්න අපිට විවිධාකාරයට නැවුම් කිරි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලාත් මේ ස්වාභාවික ක්‍රම එකක් හෝ කීපයක් හරියට කලොත් එහෙම ඔයාලට ලස්සන පෙනුමක් එන එක අනිවාර්යයි.

නැවුම් කිරි අපේ සම ලස්සන කරන්නේ කොහොමද?

  • සමේ තෙතමනය ආරක්ෂා කර වියළි බව නැති කරනවා
  • මුහුණේ ඇති කුරුලෑ සහ බිබිලි ඉවත් කරනවා
  • සම රැලි වැටීම අඩු කරනවා
  • සම පැහැපත් හා දීප්තිමත් කරනවා
  • සමට දිදුලන පෙනුමක් ලබා දෙනවා

ඔයාලගේ මුහුණත් පැහැපත් කර ගන්න මේ දේවල් ටික කරලා බලන්න

  • මුහුණේ ඇති කුණු දුවිලි ඉවත් කර ගන්න අපිට නැවුම් කිරි යොදා ගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවුම් කිරි මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් කොට්න් ස්පොන්ජ් එකකට අරගෙන ඔයාලගේ මුහුණ විනාඩියක් විතර සියුම්ව පිරිමදින්න. ඊළගට ඇල් වතුරෙන් මුණ සෝදන්න. මේ විදිහට හැමදාම කරන්න. මේ ක්‍රමය මුහුණේ කුණු දුවිලි ඉවත් කරනවාට අමතරව සමේ වියලි බව නැති කරලා තෙතමනය ආරක්ෂා අර ගන්නත් උදව් කරනවා.
  • කිරි මේස හැඳි දෙකකට කහ කුඩු පොඩ්ඩක් එකතු කරලා හොඳට කලවම් කරන්න. දැන් මේ මිශ්‍රණය ඔයාලගේ ඇගිලි තුඩු වලින් මුහුණේ හැම තැනම ගාන්න. විනාඩි 15ක් මේක තියෙන්න ඇරලා ඇල් වතුරෙන් සෝදලා දාන්න. හොඳ ප්‍රථිපලයක් ලබා ගන්න නම් මේක හැමදාම කරන්න ඕනේ. මේ ක්‍රමය ඔයාලගේ මුහුණේ තියන කළු ලප ඉවත් කරන්නත් උදව් වෙනවා.
  • ඔයාලට පිරිසිදු හා පැහැපත් සමක් ලබා ගන්න නැවුම් කිරි පාවිච්චි කරන්න පුළුවන් තවත් විදිහක් තමයි මේ. කිරි මේස හැඳි 2කට දෙහි යුෂ බිංදු කීපයක් කලවම් කරලා මුහුණේ ආලේප කරන්න. ඔයාලාට තියෙන්නේ වියළි සමක් නම් මේ මිශ්‍රණයට රෝස වතුර බිංදු කීපයකුත් එකතු කර ගන්න. මේක පැය 2-3 විතර තියෙන්න ඇරලා සෝදලා දාන්න. ඔයාලට තියෙන්න තෙල් සහිත සමක් නම් මද රස්නේ වතුරෙන් සෝදන්න. ඔයාලට තියෙන්නේ සාමාන්‍ය සමක් නම් නිකන් වතුරෙන් සෝදලා දාන්න.
  • ලස්සන වෙන එක ගැන කතා කරනකොට ඉතින් මී පැණි කියන්නේ අපිට අමතක කරන්නම බැරි දෙයක්. ඔයාලගේ සමට හිතා ගන්නවත් බැරි පෙනුමක් ලබා ගන්න නැවුම් කිරි එක්ක අපිට මී පැණි පාවිච්චි කරන්න පුළුවන්. නැවුම් කිරි මේස හැඳි 3ට මී පැණි මේස හැඳි එකක් දාලා හොඳට කලවම් කරන්න. දැන් මේ මිශ්‍රණය ඔයාලගේ මුහුණේ ගාලා ඇඟිලි තුඩු වලින් විනාඩි 5ක් විතර මසාජ් කරන්න. තවත් විනාඩි 5ක් විතර මේක මුහුණේ තියෙන්න ඇරලා ඇල් වතුරෙන් සෝදලා දාන්න. වඩාත් හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න නම් මේ ප්‍රතිකාරය දිනපතා කරන්න ඕනේ.
  • රූපලාවන්‍ය වැඩ වලදී යොදා ගන්න අපේ තවත් හිතවතෙක් තමයි යෝගට්. යෝගට් මේස හැඳි 2ක් නැවුම් කිරි මේස හැඳි 3ක් එක්ක කලවම් කරලා තරමක් ඝනකම් මිශ්‍රණය හදා ගන්න. මේ මිශ්‍රණය ඔයාලාගේ මුහුණේ සහ බෙල්ලේ හැම තැනම ආලේප කරන්න. මිශ්‍රණය විනාඩි 30ක් විතර මුහුණේ තියෙන්න ඇරලා ඇල් වතුරෙන් සෝදලා දාන්න. මේ ප්‍රතිකාරය මගින් ඔයාලට සිනිදු සමක් ලබා ගන්න පුළුවන් වගේම සම රැලි වැටීම අවම කර ගන්නත් පුළුවන්.
  • අපේ සම ඇතුලාන්තෙයෙන්ම පිරිසිදු කරලා සමට හොඳ තෙතමනයක් ලබා දෙන්න නැවුම් කිරි වලට පුළුවන්. මේකට ඔයාලට ඕනේ කරන්නේ හරිම සරල ගෙදරදීම හදා ගන්න පුළුවන් මාස්ක් එකක්. කඩල පිටි තේ හැඳි 2-3 විතර නැවුම් කිරි ටිකක් එක්ක මිශ්‍ර කරන්න. දැන් මේකට මී පැණි බිංදු කීපයකුයි රෝස වතුර බිංදු කීපයකුයි දාලා ඝනකම් පේස්ට් වගේ වෙනකම් බීට් කරන්න. මේ මිශ්‍රණය ඔයාලගේ මුහුණෙයි බෙල්ලෙයි හැමතැනම හොඳට ගාන්න. මේක මුණේ විනාඩි 15-20 විතර තියෙන්න ඇරලා මද රස්නේ වතුරෙන් සෝදලා දාන්න.
  • කඩේ තියන එක එක වර්ගයේ ක්‍රීම් ගාන්නේ නැතුව ස්වාභාවික දේකින් සම පැහැපත් කර ගන්න ඔයාලත් කැමතියි නම් එකට හොඳම දේ තමයි නැවුම් කිරි. නැවුම් කිරි දිනපතාම සමේ අලේප කිරීම මගින් ඔයාලට පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ස්වාභාවික ක්‍රමයෙන් සම පැහැපත් කර ගන්න ඔයාලට එක දිගට මේක ටික කාලයක් කරන්න වෙනවා. මේ ක්‍රමයෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න බෑ. ඒක හින්දා ස්වාභාවික විදිහට ලස්සන වෙන්න නම් ඔයාලට ටිකක් ඉවසිලිමත් වෙන්න වෙනවා. මේ සත්කාරයෙන් ලැබෙන ප්‍රතිපලය ටිකක් වේගවත් කර ගන්න ඔයාලට නැවුම් කිරි වලට සුදු හදුන් ටිකක් එකතු කර ගන්න පුළුවන්.

අපි කලිනුත් සදහන් කළා වගේ මේ ගෙදරදීම කර ගන්න ස්වාභාවික සත්කාර මගින් ප්‍රතිපලයක් ලබා ගන්න ටික කාලයක් ගත වෙනවා. හැබැයි ඔයාලා ඉවසිලිවන්තව දිගමට මේ ක්‍රම අනුගමනය කලොත් කිසිම අතුරු අභාදයක් නැතුව ස්වාභාවික විදිහට ලස්සන වෙන්න පුළුවන්. මේ සත්කාර කරද්දී බැරි වෙලාවත් ඔයාලට මොනයම් විදිහට හරි අසාත්මිකතාවක් ඇති උනොත් එහෙම ඉක්මනින්ම වෛද්ය ප්‍රතිකාර ලබා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to