අවලස්සන ඉන්නන්ගෙන් මිදෙන්න ගෙදරදීම කල හැකි දේවල් ටිකක්…

සම මත ඇති වන පොඩි පොඩි ඉන්නන් අපි ගොඩ දෙනෙක්ට වගේ ඇති වෙලා තියන ප්‍රශ්ණයක්. මේ කුඩා ඉන්නන් බොහෝ වෙලාවට වේදනාවක් ගෙන නොදුන්නත් මුහුණ, බෙල්ල ආශ්‍රිතව, අත් වල වගේ පිටතට නිරාවරණය වන ප්‍රදේශ වල ඇති උනහම අපේ රූපයට හරිම අවලස්සනක් එකතු කරනවා.

මේ ඉන්නන් සම මත ඉතා කුඩාවට ඇති වෙලා ටික ටික ලොකු වෙනවා. අපේ සම මත ඉන්නන් හට ගන්නේ HPV (Human Papilloma Virus) කියන වයිරස් එකකින්. මේ වයිරස් එකේ ප්‍රභේද 100 ට අධික සංක්‍යාවක් තියනවා. ඒ වගේම තමයි මේ විදිහට ඇති වෙන සමහර ඉන්නන් කෙනෙකුකෙන් තවත් කෙනෙකුට බෝ වෙනවා. ඉන්නන් කැසීම, නිතර නිතර ඇල්ලීම මගින් තමන්ගේම ශරීරයේ අනිත් ප්‍රදේශ වලටත් ඉන්නන් බෝ වෙන්න ඉඩ තියනවා.

ඉන්නන් සදහා ප්‍රතිකාර කරන්න කලින් අපි හරියටම දැන ගන්න ඕනේ නිශ්චිත වශයෙන්ම අපේ ශරීරයේ ඇති වෙලා තියෙන්නේ ඉන්නෙක් කියලා. මොකද අපි ඉන්නන් කියලා හිතාගෙන ඉන්න සමහර ඒවා සමේ වෙනත් රෝගයක් නිසා හට ගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඉන්නන් හැඩේට සමේ ඇතිවන ඉලිප්පීම් සමහර විට පිළිකාකාරක වෙන්න පුළුවන්. ඔයාලාගේ සමේ තියන ඉන්නන් ගැන කිසියම් සැකයක් ඇති උනොත් වෛද්‍යවරයෙකු හමුවෙලා පරීක්ෂා කරවා ගන්න.

ඉන්නන් සදහා ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර රාශියක් තියනවා. මේ අතරින් සමහර ප්‍රතිකාර සමහර අයට ප්‍රථිපල ගෙන දුන්නත් සමහර අයට ප්‍රථිපල ගෙන දෙන්නේ නෑ. මේ නිසා එක් ප්‍රතිකාරයක් ටික කලක් කරලා බලලා හරි යන්නේ නැත්නම් වෙනත් ප්‍රතිකාරයක් කරලා බලන්න. ඒ වගේම තමයි මේ ගෙදරදීම කර ගන්න පුළුවන් ප්‍රථිකාර වලින් ප්‍රතිපලයක් ලබා ගන්න නම් එක් ප්‍රතිකාරයක් සති දෙක තුනක් විතර කරන්න වෙනවා. බොහෝ වෙලාවට මේ ඉන්නන් කිසිම ප්‍රතිකාරයක් නොකරත් ඉබේටම සුව වෙලා යනවා. නමුත් ඒ විදිහට ඉබේම සුව වෙන්න සති කීපයක්, මාස ගණනක් හෝ අවුරුද්දක් උනත් ගත වෙන්න පුළුවන්. ඉන්නන් වයිරස් එකකින් හට ගන්නා නිසා මොන ප්‍රතිකාරය කලත් ඉන්නන් නැවත නැවත හට ගන්නවා.

සෑම විටම ඉන්නන් අල්ලන්න එපා

කලින් සදහන් කලා වගේ ඉන්නන් හට ගන්නේ වයිරස් එකකින්. ඒ නිසා ඔයාලා හැම වෙලේම ඉන්නන් අල්ලන්න පටන් ගත්තොත් ඔයාගෙම ශරීරයේ වෙනත් ප්‍රදේශ වලට වගේම අනිත් අයටත් වයිරස් එක බෝ වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයාලා ඉන්නන්ව ඇල්ලුවොත් හරි ඔයාලාගේ අතින් ඉන්නෙක්ව කැඩුනොත් හරි ඉක්මනින් හොඳට සබන් දාලා උණු වතුරෙන් අත් දෙක සෝදා ගන්න.

ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි දෙකක් වතුරත් එක්ක මිශ්‍ර කරන්න. පුළුන් කෑල්ලකට මේ මිශ්‍රණය පොගවලා ඉන්නන් උඩ තියන්න. මේ විදිහට පැය 03-04ක් තියෙන්න අරින්න.

බේකින් පවුඩර් හා එඩරු තෙල් මිශ්‍රණය

බේකින් පවුඩර් හා එඩරු තෙල් තලපයක් වගේ වෙනකන් මිශ්‍ර කරන්න. රාත්‍රියට මේ මිශ්රනෙන් ටිකක් ඉන්නන් උඩ ආලේප කරලා බැන්ඩේජ් එකකින් කවර් කරන්න. ඊළග දවසේ උදේට බැන්ඩේජ් එක අයින් කරන්න. ඉන්නන් නැති වෙලා යනකන්ම දිනපතා මේ ප්‍රතිකාරය කරන්න.

අර්තාපල්

අර්තාපල් පෙත්තක් කපලා මිනිත්තු කීපයක් ඉන්නන් මත ආලේප කරන්න. ඉන්නන් නැති වෙලා යනකන්ම ප්‍රතිකාරය දිනපතා දවසට දෙවරක් කරන්න.

සුදු ළුණු සහ ළුණු

පොඩි කර ගත්ත සුදු ළුණු හෝ ළුණු ඉන්නන් මත ආලේප කරන්න. මීට අමතරව පොඩි කර ගත්ත කරාබු නැටිත් ඉන්නන්ට ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්න පුළුවන්.

සෞඛ්‍යය සම්පන්න සමබර ආහාර වේලක් ලබා ගන්න

ඉන්නන් හට ගන්නේ වයිරස් එකකින් හින්දා ඉන්නන් ඇති නොවෙන්න නම් අපි අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හොඳින් තියා ගන්න ඕනේ. ඒකට නිතර බතල, සුදු ළුණු, බ්රෝකලි, රතු පැහැති මස්, දොඩම් වැනි ප්‍රතිශක්තීකරණය වැඩි කරන දේවල් ආහාර වේලට එකතු කර ගන්න.

විටමින් C

විටමින් C කරලක් වතුර ටිකක් එක්ක දිය කරලා ටිකක් ඝනකම් පේස්ට් එකක් හදා ගන්න. මේ පේස්ට් එක ඉන්නන් මත ආලේප කරලා කවර් කරන්න. රෑ එලි වෙනකන් මේක මේ විදිහටම තියෙන්න ඇරලා උදේට සෝදලා දාන්න. මේ ප්‍රතිකාරයත් ඉන්නන් නැති වෙලා යනකන් දිනපතාම කරන්න ඕනේ.

විටමින් E

විටමින් E කරලක් කඩලා ඉන්නන් මත ආලේප කරන්න. ඉන්නන් සහිත ප්‍රදේශය බැන්ඩේජ් එකකින් කවර් කරලා රෑ එළිවෙනකන් තියෙන්න අරින්න. මේ ප්‍රතිකාරය දිනපතා සති 02ක් 03ක් පමණ කරන්න.

එඩරු තෙල්

එඩරු තෙල් ටිකක් දිනපතාම ඉන්නන් මත ආලේප කරන්න. මේ ප්‍රතිකාරය මගින් ඉන්නන් නැති වෙලා යන්නත් සති 02ක් 03ක් විතර යනවා.

දෙහි යුෂ

ඉන්නන් මත දෙහි යුෂ ආලේප කරලා මේ ප්‍රදේශය කපා ගත්ත ළුණු කෑල්ලකින් කවර් කරලා විනාඩි 30ක් පමණ තියන්න. ඉන්නන් නැති වෙලා යනකන් දිනකට එක් වරක් මේ ප්‍රතිකාරය කරන්න.

කෝමාරිකා මද

කෝමාරිකා වල මද කෑල්ලක් අරගෙන ඉන්නන් මත ටිකක් වෙලා අතුල්ලන්න. මේ ප්‍රතිකාරය දිනපතා කරන්න.

අන්නාසි

ඉන්නන් නැති කරගන්න ගෙදරදීම කර ගන්න පුළුවන් තවත් සාර්ථක ක්‍රමයක් තමයි අන්නාසි. අන්නාසි ක්‍රම කීපයකට භාවිතා කරන්න පුළුවන්. ඉන්නන් සහිත ප්‍රදේශය අන්නාසි යුෂ වලට දමාගෙන ඉන්න එක එක් ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි අන්නාසි පෙත්තක් ඉන්නන් මත ආලේප කරන එක. ඔයාලට ගොඩක් ඉන්නන් ඉන්නවානම් දින කීපයක් අන්නාසි යුෂ බොන්නත් පුළුවන්.

කෙසෙල් ලෙලි

ඔයත් ඉන්නන්ගෙන් පීඩා විදින කෙනෙක් නම් මීට පස්සේ කෙසෙල් ලෙලි විසි කරන්න එපා. ඉන්නන් නැති වෙලා යනකන් දිගටම දිනපතා කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත ඉන්නන් මත ආලේප කරන්න.

ගෙදරදීම කර ගන්න පුළුවන් මේ ප්‍රතිකාර වලින් ඔයාලාට කිසිම ප්‍රතිපලයක් නැත්නම් ඔයාලාට පුළුවන් සම සම්බන්ධ වෛද්‍යවරක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to