ඔයාලත් double chin හින්දා හිත කනස්සල්ලෙන්ද?

Double chin එහෙමත් නැත්නම් නිකටවල් දෙකක් තියනවා වගේ තියන එක ගොඩක් දෙනෙක්ට තියන රූපලාවන්ය ප්‍රශ්නයක්. නිකට සහ බෙල්ල ආශ්‍රිතව වැඩිපුර තෙල් සහිත මස් එකතු උනහම තමයි double chin ඇති වෙන්නේ. මේක ලොකු සෞයක්යමය ගැටළුවක් නොවුනාට තමන්ගේ ලස්සන ගැන හිතන කට්ටියටනම් මේක හරිම ප්‍රශ්නයක්.

Double chin ඇති වෙන්නේ කොහොමද?

  • ස්ථුලතාවය / ශරීරයේ බර වැඩි වීම:කෙනෙකුගේ ස්ථුලතාවය එහෙමත් නැත්නම් ශරීරය මහත් වීම double chin ඇති වෙන්න ප්‍රධානම හේතුවක්.
  • පවුල් පසුබිම / ජාන:ඔයාලගේ පවුල් පසුබිමත් double chin ඇති වෙන්න ගොඩක් බලපානවා. ඒ කියන්නේ ඔයාලගේ දෙමවුපියන්ට double chin තියනවනම් ඔයාලටත් double chin එන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරයේ ජානත් මේකට ලොකු බලපෑමක් කරනවා. මේ හේතුව හින්දා සමහර කෙට්ටු අයටත් double chin ඇති වෙනවා.
  • වයසට යෑම:කෙනෙක් වයසට යනවත් එක්කම සමේ තියන ඇදෙන සුළු බව අඩු වෙලා සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා ගොඩක් අය වයසට යද්දී double chin ඇති වෙනවා.

Double chin නැති කර ගන්නේ කොහොමද?

Double chin නැති කර ගන්නේ කොහොමද කියලා බලන්න කලින් අපි මුලින්ම බලන්න ඕනේ අපිට double chin ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. ඒ හේතුව මත තමයි ඔයාලට තීරණය කරන්න වෙන්නේ කොයි විදිහටද මේකට ප්‍රතිකාර කරන්නේ කියලා.

සමබර ආහාර වේලක් සහ ව්‍යායාම:සමබර ආහාර වේලක් ගැනීම සහ නිසි ව්‍යායාම වල යෙදීමෙන් ඔයාලට ශරීරය මහත් වීම පාලනය කරලා double chin අඩු කර ගන්න පුලුවන්. අපි ගොඩක් වෙලාවට ව්‍යායාම කරද්දී මග හැරෙන ප්‍රදේශයක් තමයි බෙල්ල හා නිකට ප්‍රදේශය. Double chin අඩු කර ගන්න නම් ඔයාලා මේ ප්‍රදේශය ගැන වැඩි සැලකිල්ලක් දක්වලා බෙල්ලට වැඩිපුර ව්‍යායාම ටිකක් කරන්න වෙනවා. ඔයාලට double chin ඇති වෙන්න හේතුව ශරීරයේ මහත් වීම නම් මේ ව්‍යායාම කිරීම තුලින් double chin අඩු කර ගන්න පුළුවන්. හැබැයි මේක දවසින් දෙකෙන් අඩු කර ගන්න බෑ. ඔයාලාට එක දිගට මේ විදිහට ව්‍යායාම ටිකක් කරන්න වෙනවා.

වයිද්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිකාර:Double chin අඩු කර ගන්න වයිද්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිකාර ගොඩක් තියනවා. ඔයාලගේ double chin ඇති වෙන්න හේතුව පවුල් පසුබිම සහ ජානමය හේතුවක් නම් ඔයාලට double chin නැති කර ගන්න තියන එකම ක්‍රමය වයිද්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිකාර විතරයි. හැබැයි මේ ප්‍රතිකාර කරන්න කලින් ඔයාලගේ වයිද්‍යවරයා සමග කතා කරලා ඔයාලට ඒක ගැලපෙනවාද සහ අතුරු අබාධ ගැන හොඳින් දැනුවත් වෙන්න.

නිකට ආශ්‍රිත ව්‍යායාම කීපයක්

නිකට ඉස්සීම :

  • පහසු ඉරියව්වුක ඉද ගන්න හෝ හිට ගන්න.
  • බෙල්ල පිටි පස්සට හරවලා උඩ බලන්න.
  • බෙල්ල ආශ්‍රිත හම හොඳට ඇදෙන්න කීප වතාවක් කට අරින්න වහන්න.
  • දවසකට දෙතුන් පාරක් මේක දිනපතා කරන්න.

බෙල්ල කරකැවීම :

  • බෙල්ල වම් අත පැත්තට හරවලා නිකට වම් උරහිස පැත්තට කිට්ටු කරන්න.
  • දැන් බිම බලලා නිකට පපුව දිහාට කිට්ටු කරන්න.
  • බෙල්ල දකුණු අත පැත්තට හරවලා නිකට දකුණු උරහිස පැත්තට කිට්ටු කරන්න.
  • මේ විදිහට කීප වරක් කරන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to