ඔබේ සම රැක ගන්න

අපේ ශරීරයේ ඇති විශාලතම අවයවය තමයි සම. ඒ වගේම තමයි සම අපේ අභ්‍යන්තර නිරෝගී කෑම එලියට පෙන්වන කැඩපතක් වගේ. ඒ කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තරය නිරෝගී වෙන තරමට පිටත සමත් නිරෝගී වෙනවා. සමට ප්‍රතිකාර කිරීමේදී හා beauty products තෝරා ගැනීමේදී හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් දේ තමයි සම ලස්සන කර ගන්න එක ගැන කතා කරනකොට ගොඩක් අය හිතන්නේ මුහුණේ සම ගැන විතරයි. ඇත්තටම එක වැරදියි. සම කිව්වහම මුළු ශරීරයම අයිතියි. ඒක හින්දා ලස්සනට ඉන්න ඕනේ නම් මුහුණේ සම ගැන වගේම මුළු ශරීරයේම සම ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මොන දේ උනත් කරන්න කලින් තමන්ට තියෙන්නේ මොන වගේ සමක්ද කියන එක ගැන හොඳ වැටහීමක් තියෙන්නේ ඕනේ.

  • හැම වෙලේම සම පිරිසිදුව තියා ගන්න. හැකි සෑම විටම නාන්න. නැත්නම් ඇග සෝදන්න. හැබැයි උණු වතුර නෑමෙන් හා වැඩි වෙලාවත් නෑමෙන් සමේ තියෙන තෙල් ගතිය අඩු වෙලා සම වේලෙන්න පුළුවන්.
  • නෑමෙන් හෝ ඇග සේදීමෙන් පසුව සුදුසු cream වර්ගයක් අලේප කරන්න. මේ මගින් සමේ ඉවත්ව ගිය තෙතමනය නැවත ලබා ගන්න පුළුවන්.
  • රළු බුරුසු හෝ ගල් වැනි දේවල් වලින් සම තදින් අතුල්ලන්න එපා.
  • සබන්/ face wash/ body wash තෝරා ගැනීමේදී සමට ගැලපෙන products තෝරා ගන්න.
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත්, හොඳින් ජලය පානයක් කිරීමත් ඉතා වැදගත් දෙයක්.
  • ඔයාලාගේ සම හිරු එළියෙන් ආරක්ෂා කර ගන්න එකත් හරිම වැදගත් දෙයක්. ඕනෑවට වඩා සම හිරු එලියට නිරාවරණය උනොත් සම රැලි වැටීම්, කැළැල් වැනි දේ ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ සමේ පිළිකා ඇති වෙන්න අවධානමකුත් තියනවා.
  • Stress එක නොහොත් ආතතිය පාලනය කර ගන්න එක තමයි අනිත් දේ. ඔයාලා හැම වෙලේම stress වෙලා සිටීමෙන් වෙන්නේ මුහුණේ කුරුලෑ වැනි දේ ඇති වෙන්න තියන අවධානම වැඩි වෙන එක.
  • රෑට නිදා ගන්න කලින් make up අයින් කරන්න මතක තියා ගන්න. Make up එක්ක නිදා ගත්තොත් වෙන්නේ සමේ bacteria ඇති වෙන එක.
  • මේ හැම දේටම වඩා වැදගත්ම දේ තමයි ඔයාලා ගන්න ආහාර. සෑම විටම ස්වභාවික ආහාර වේලකට යොමු වෙන්න. පෝෂ්‍ය පදාර්ථ යහමින් අඩංගු සමබර ආහාර වේලක් ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to