ශක්තිමත් නිය පෙළකට......

කාන්තාවකට beauty එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි nails. අද කාලේ ladies ලා තමන්ගේ නියපොතු වලට විවිදාකාරයේ විලාසිතා කරනවා. Nail polish ගානවා, nail arts දානවා, එක එක හැඩයට nails cut කරවනවා. මේ මොන දේ කරන්නත් strong nail තියන එක හරි වැදගත්. මොකද ඔයාලාගේ nails හරි ඉක්මනට කැඩිලා යනවනම් මේ එක style එකක් වත් හරියට කර ගන්න බැරි වෙනවා. ඔයාලගේ nails strong නෑ කියලා දුක් වෙන්න ඕනේ නෑ. මෙන්න strong nails තියා ගන්න ඔයාලාට ගෙදරදීම කරන්න පුළුවන් හොඳ tips ටිකක්.

  • Lemon Juice & Olive Oil Treatment

Lemon යුෂ බින්දු කිහිපයකට olive oil මේස හැන්දක් එකතු කර මිශ්‍රණය සාදා ගන්න. නියපොතු මත එම මිශ්‍රණය අලේප කර පිරිමදින්න. මෙය අලේප කොට පිරිසිදු cotton gloves පලදිනවානම් වඩාත් සුදුසුයි. මෙය වඩාත් යෝග්‍ය වන්නේ රාත්‍රී කාලයේ අලේප කිරීමටයි. එවිට ඔයාලාට උදෑසන වනතෙක් මෙය ආලේප කර ගෙන ඉන්න පුළුවන්. මෙය සතියට 02 වරක් කිරීම තුලින් ඔබට ශක්තිමත් නියපෙලක් ඉතා ඉක්මනින් ලබා ගත හැකියි.

  • Cayenne for Nails

මේ මිශ්‍රණය භාවිතයේදී තරමක් කල්පනාකාරී වන්න ඕනේ. සිසිල් වතුර බින්දු 10කට පමණ cream තේ හැන්දක් සහ මිරිස් තේ හැදී 1/2ක් දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසු එය ඔබේ නියපොතු මත තවරා පිරිමදින්න. විනාඩි 15-20 ක් පමණ හිදින්න. මේ treatment එකේදිත් gloves පලදිනවානම් වඩාත් සුදුසුයි. මේ සත්කාරය කිරීමේදී ඇස් ස්පර්ෂ කිරීමෙන් වලකින්න. මෙය මසකට වරක් කිරීම ප්‍රමාණවත් වේ.

  • Lemon Juice & Salt Mixture

ලෙමන් යුෂ මේස හැන්දකට ලුණු මිශ්‍ර කර brush එකක් ආධාරයෙන් නියපොතු මත අලේප කරන්න. විනාඩි 15-30ක් එලෙස තිබීමට ඉඩ හරින්න. සතියට 2-3වරක් මෙම treatment එක කරන්න.

  • Sea Salt Treatment

"Sea salt based bath" නියපොතු ශක්තිමත් වීමට ඉතා හොද ප්‍රතිකර්මයක්. Warm water bowl එකකට මුහුදු ලුණු මේස හැන්දක් දමන්න. ඉන් පසු ඔබේ ඇගිලි එම වතුරේ විනාඩි 20ක් පමණ ගිල්වා තබන්න. ඉන්පසු ඇගිලි හොදින් වියලුනු පසු fortifying cream එකක් අලේප කරන්න. මෙය දවස් 10ක් කර, නැවත මසකට පසු කිරීම ප්‍රමාණවත් වේ.

  • Beeswax Treatment

ඔබට මී ඉටි සොයා ගත හැකි නම්, මෙම සත්කාරය සිදු කරන්න පුළුවන්.. Beewax ග්රෑම් ස්වල්පයක් උණු කර එය තම්බපු බිත්තරයක කහ මදයක් සමග mix කරන්න (ඔබ කැමති නම් peach oil ස්වල්පයක්ද mix කරන්න). ඉන්පසු මෙය ඔබේ නියපොතු මත අලේප කරන්න. මෙය තරමක් කාලය වැය වන treatment එකක්.

  • H20 Nourishing

වැඩිපුර වතුර පානය කිරීම, නියපොතු ශක්තිමත් වීමට ප්‍රබලව බලපායි. අඩුම වශයෙන් දිනකට වතුර ලීටර් 2ක්වත් ඔබ පානය කල යුතයි. එමගින් නියපොතු වලට විතරක් නෙමේ ඔබේ සමටද හිසකෙස් වලටද පෝෂණයක් ලැබෙනවා.

  • Vitamin D & Calcium Supplements

ශක්තිමත් නිය පෙළක් ලබා ගන්න ඕනේ නම් vitamin වල තියන වැදගත් කමත් අමතක කරන්න බෑ. Vitamin D, ශක්තිමත් සහ නිරෝගී නියපොතු වලට අත්‍යවශ්‍ය දෙයක්. ඔබට මෙය විටමින් අතිරේකයක් ලෙසද කිරි පානය හා යෝගට් ආහාරයට ගැනීමෙන්ද ලබා ගත හැකියි.

Contact DailyLife.lk

or drop an E-Mail to