ඔබටත් pimples ප්‍රශ්නයක් වෙලාද?

Pimples කියන්නේ අපි කාටත් ඇති වෙන්න පුළුවන් දෙයක්. බොහෝ විට යොවුන් වියේ පසු වන තරුණියන්ට pimples ඉතාම සුලබ ගැටළුවක්.

මුහුණේ pimple එකක් අවහම අපි හැමෝටම ඕනේ ඒ pimple එක නැති කර ගන්න විදිහක්. මේ නිසා බොහෝ දෙන pimples කැඩීමට පෙලබෙනවා. කිසි විටෙකත් pimples කැඩීම හෝ මිරිකා හැරීම නොකළ යුතුයි. ඔබ එසේ කල හොත් ස්නේහශ්‍රවී ග්‍රන්ථි වලට හානි සිදු වෙලා ඒ මගින් මුහුණේ ලප කැළැල් ඇති වෙනවා.

Pimples නැති කර ගැනීමට ඔබට ක්‍රම කීපයක් අනුගමනය කල හැකියි. මද උණු වතුරෙන් මුහුණ සේදීම හා වාශ්පයට මුහුණ ඇල්ලීම ඉන් එක් ක්‍රමයක්.

මීට අමතරව ඔබට තවත් දේශීය ඖෂධ වර්ග කීපයක් pimples අඩු කර ගැනීමට භාවිතා කල හැකියි. උදුපියලිය කොටා එම ඉස්මෙන් සුදු ළුණු අබරා කුරුලෑ මත ආලේප කිරීම ඉන් එක් ක්‍රමයක්. පේර කොළ දෙහි අබුලෙන් අබරා අලේප කිරීම තවත් ක්‍රමයක්. කොහොඹ කොළ ඉස්ම හා සුදු හඳුන් කුඩු මිශ්‍ර කර අලේප කිරීම මගිනුත් pimples අවම කර ගත හැකියි.

මීට අමතරව pimples ඇති සමකට cream වර්ග අලේප කිරීමේදීත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව තමයි සමහර ආලේපන වල ඇති chemicals මගින් pimples තවත් වැඩි විය හැකි නිසා.

Pimples ඇති වීමට තවත් හේතුවක් තමයි stress එක. යොවුන් වියේ පසු වන සමහර ළමයි exam කාල වලට ගොඩක් stress වෙනවා. එවිට pimples ඇති වීම වැඩි වෙන්න පුළුවන්. ඔබ ඕනෑවට වඩා stress වෙලා ඉන්නේ නැතුව relax එකේ ඉදීම මගිනුත් pimples අඩු කර ගත හැකි වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to