Foundation කිරීමේදී සිදුවන common mistakes කීපයක් ....

ඔබටත් foundation කිරීමේදී වැරදීම් සිදු වී තියෙනවද? නැවත foundation කිරීමේදී මේ වැරදි නොකරන්න මෙන්න simple tips ටිකක්.

  • Powder foundation භාවිතා කිරීමෙන් වලකින්න:Powder foundation ඔබේ සම වියළීමට ලක්කරනවා පමණක් නොව, සමහර වෙලාවට එය කැබලි මෙන් සමේ තැන තැන තියනවා. Powder මගින් මෘදු, ඔබට ඔනෑ තරම් වෙලාවක් නිසි ලෙස තබා ගත හැකි foundation එකක් ලබා ගන්න ලොකු effort එකක් දරන්න වෙනවා. සමහර වෙලාවට powder මුහුණේ රැළි මත අලේප වී රැලි වැටුණු ස්වභාවය වැඩියෙන් පෙන්නුම් කරනවා. මේ වෙනුවට liquid (දියරමය) foundation භාවිතා කරන්න. ඒ තුලින් foundation පමණක් නොව සමට smooth, flawless බවක් ලැබේ.
  • Foundation අතේ අලේප කර test කිරීමෙන් වලකින්න:ඔබට යම් foundation එකක් ගැලපෙනවද නැද්ද යන්න අතේ නොව මුහුණේ තැන් 03ක අලේප කර test කරන්න. ඔබේ ඇස් යට, නාසය වටා හෝ නාසය මත සහ කම්මුල් යට ඔබට එය පරික්ෂා කර බැලීමට පුළුවන්. මේ තුලින් ඔබට නිවැරදි වර්ණය තෝරා ගැනීමට හැකි වෙනවා.
  • Foundation ආලේපයට ඇගිලි හෝ ස්පොන්ජ් භාවිතා නොකරන්න:Foundation brush එකක් භාවිතා කරන්න. Brush එකක් භාවිතයේදී ඔබට පාවිච්චි කිරීමට සිදු වන්නේ සුළු foundation ප්‍රමාණයක් වන අතර ස්පොන්ජ් හෝ ඇගිලි මගින් ආලේප කරනවා මෙන් අවලස්සනකුත් ඇති නොවේ.
  • මුහුණේ සෑම තැනම foundation ආලේප නොකරන්න:මුහුණේ සෑම තැනම foundation අලේප කිරීමට අවශ්‍ය නෑ.එය අවශ්‍ය වන්නේ මුහුණේ හරි ගැස්වීම් (touch-up) ඇති ස්ථාන වලටයි. නිතර ඔබ මුළු මුහුණේම foundation අලේප කලොත් ඔබේ මුදලුත් foundation ත් නාස්ති නිකරුනේ නාස්ති වෙනවා.
  • Foundation එක මත වර්ණවත් powder එකක් අලේප කිරීමෙන් වලකින්න:වර්ණවත් (tinted) powder, foundation ආලේපනයෙන් පසු ආලේප කළහොත් ඔබේ foundation කැබලි ලෙස පැවතීමට හෝ කැටි ගැසීමට පත් වේ. එය යථා තත්ත්වයට පත් කිරීමට අපහසු අතර එය ඔබව අවලස්සන කරයි.

Contact DailyLife.lk

or drop an E-Mail to