පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද?

පැහැපත් තොල් පෙති ඔබේ මුහුණට සැබෑ අලංකාරයක් එක් කරනවා. එම නිසා පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට කාන්තාවන් හැමෝම කැමතියි. නමුත් අපි බොහෝ විට දැක තිබෙනවා සමහර කාන්තාවන්ගේ දෙතොල් ඉතාමත් අවපැහැ ගැන්වී තිබෙනවා. මෙසේ දෙතොල් අවපැහැ ගැන්වීමට විවිධ හේතු බලපානවා.

ඇතැමුන්ගේ දෙතොල් කළු වීම ආරය නිසා සිදු විය හැකියි. එවන් අයගේ දෙතොල් උපතින්ම අවපැහැ ගැන්වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර lipstick භාවිතය දෙතොල් අවපැහැ ගැන්වීමට හේතු වන තවත් කරුණක්. සමහර කාන්තාවන් පුරුදු වී සිටිනවා සමෙහි අලේප කරන cream වර්ගයම දෙතොල් වලත් අලේප කිරීමට. නමුත් මෙහිදී සංවේදී සමක් සහිත දෙතොල් වල අසාත්මිකතා ඇති වී දෙතොල් අවපැහැ ගැන්විය හැකියි. දුම් පානය නිසාත් දෙතොල් අවපැහැ ගැන්වෙනවා. මෙසේ වන්නේ filter යේ ඇති රස්නය දෙතොල් මතට වැදීමෙන්.

දෙතොල් අවපැහැ ගැන්වීම අවම කර ගත හැක්කේ කෙසේද?

දෙතොල් පැහැපත් කර ගැනීමට හොදම ස්වභාවික ක්‍රමය තමයි මී පැණි. මී පැණි දෙතොල් මත නිතර අලේප කිරීමෙන් පැහැපත් දෙතොලක් හිමි කර ගත හැකි වෙනවා. ඊට අමතරව lipstick, lip lining cream භාවිතයේදී ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන භාවිතා කල යුතුයි. Lipstick වල ප්‍රමිතිය පිළිබද ඔබට ඉතා හොඳ දැනුමක් නොමැති නම් lipstick ගෑමට පෙර lip balm එකක් අලේප කර ඊට පසු lipstick අලේප කරන්න. Lip scrub තෝරා ගනීම්දීත් හොඳ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන තෝරා ගත යුතුයි. එම scrub එකෙන් දෙතොල් scrub කර ඉන් පසු lip balm ආලේප කරන්න. ඉන් පසුව ඒ මත lipstick ආලේප කරන්න. මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් ඔබට පැහැපත් දෙතොලක් හිමි කර ගත හැකියි.

Contact DailyLife.lk

or drop an E-Mail to