ස්වභාවික විදිහට stretch marks අඩු කර ගන්න

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ stretch marks ඇති වෙන්නේ pregnant උනහම විතරයි කියලා. හැබැයි අපි මහත් උනොත් හරි කෙට්ටු උනොත් හරි අපේ ඇගේ stretch marks ඇති වෙනවා. Stretch marks ඇති වෙන්නේ බඩ ප්‍රදේශයේ විතරක් නෙමේ. අත් වල, කලවා ප්‍රදේශයේ හා තට්ටම් වලත් stretch marks ඇති වෙන්න පුළුවන්. Stretch marks වලට ගාන cream වර්ග ඕනේ තරම් වෙළද පළේ තියනවා. හැබැයි මේ cream ගොඩක් මිලෙන් අධිකයි. ඒත් එක්කම අපි බලාපොරොත්තු වන ප්‍රතිපල මේ ආලේපන වලින් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ඔයාලගේ ගෙදර කුස්සියෙන් හොයා ගන්න පුළුවන් natural දේවල් වලට පුළුවන් කියලා stretch marks අඩු කරන්න. ඔයත් ඉන්නේ Stretch marks නැති කරගන්න නොඉවසිල්ලෙන් නම් මෙන්න මේ දේවල් ටික try කරලා බලන්නකෝ.

ඔලිව් තෙල්

අපේ ශරීරය පෝෂණය කරන්න ඉතාමත් අවශ්‍ය වන vitamin A, D හා E ඔලිව් තෙල් වල ඉතා හොඳින් අඩංගු වෙනවා. ඔලිව් තෙල් රත් කරලා stretch marks තියන ප්‍රදේශයේ හැමදාම විනාඩි 30ක් විතර මසාජ් කලහම stretch marks හරිම ලේසියෙන් අඩු කර ගන්න පුළුවන්. ඔලිව් තෙල් වලින් මසාජ් කරන කොට ලේ ගමනාගමනය හොඳින් සිද්ද වෙලා stretch marks අඩු වෙනවා. වඩාත් හොඳ හා ඉක්මන් ප්‍රතිපල සඳහා ඔලිව් තෙල්, වතුර හා විනාකිරි සමඟ මිශ්‍ර කර night cream එකක් විදිහට stretch marks තියන ප්‍රදේශයේ රැට අලේප කරන්න.

Potato Juice

අල paste එකක් විදිහට use කරන්න කැමති නම් ඉස්සෙල්ලම අල ටික හොඳින් තම්බන්න. ඊට පස්සේ තම්බපු අල ටික stretch marks තියන ප්‍රදේශයේ පැයක් විතර හොඳින් අතුල්ලලා මද රස්නේ වතුරෙන් හෝදලා දාන්න. ටික දවසක් යනකොට stretch marks ටික ටික අඩු වෙලා යනවා ඔයාලට පෙනෙයි.

සුදු සීනි

සුදු සීනි වලට පුළුවන් අපේ සම smooth ව තියා ගන්න උදව් වෙන්න. සුදු සීනි හා දෙහි යුෂ හොඳින් දිය වෙනකන් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය හැමදාම නාන්න කලින් විනාඩි 10ක් විතර stretch marks වල ගාලා හොඳින් අතුල්ලන්න. සති කීපයකට පස්සේ ඔයාලට දකින්න පුළුවන් සමේ ඇති වන වෙනස.

ඉහත කියපු දේවල් වලට අමතරව body එකේ hydration එක හා තෙතමනය තියා ගන්න හොඳින් වතුර බොන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා stretch marks වලින් මිදෙන්න ඉතා පහසු හා මිල අඩු ක්‍රම කීපයක්. මේ දේවල් ටික try කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා.

Contact DailyLife.lk

or drop an E-Mail to