සමේ වර්ගය හදුනා ගනිමු ...

ඔබ skin එකට කරන සෑම treatment එකක්ම හෝ ඔබ select කර ගන්නා ඕනෑම ආලේපනයක් ඔබේ skin type එකට match වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය කරුණක්.

  • මුහුණ හොදින් පිරිසිදු කරන්න

මුහුණේ ඇති සියලුම තෙල්, කුණු සහ make up අයින් කර ගැනීමට soft cleanser එකක් සහ pat dry භාවිතා කරන්න.

  • මුහුණ ස්වාභාවික තත්ත්වයට පත් වන්න පැය 1ක් පමණ සිටින්න.

මේ කාලය තුල මුහුණේ පෙනෙන ලක්ෂණ, ඔබේ skin type එක කියයි. (මෙම පැය 1ක තුල මුහුණ touch කිරීමෙන් වලකින්න)

  • Wipe your face with a tissue

දැන් tissue කඩදාසියකින් මුහුණ පිස දමන්න. T කලාපයට වැඩි අවදානයක් දෙන්න. (එනම් නළල හා නාසය අවට area එක)

  • skin type එක හදුනා ගනිමු.....
  • Normal Skin

Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. ජීවි, flexible සහ තෙල් බැවින් තොර මෘදු skin එකක්. ඔබට අවම සැලකිල්ලකින් වුවද ඔබේ සම රැක ගත හැකියි.

  • Oily Skin

මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොද ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, very carefully පිරිසිදු කල යුතු අතර carbohydrate අඩංගු අහාර අඩු කරන්න.

  • Dry Skin

ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණෙ සමද තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමු පසුත් සම ඉතා තද ස්වභාවයක් හැගේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි.මෙවන් සමක ඉතා ඉක්මනින් සුදුමැලි බවක් ඇති වන අතර වයසට පත් වුනු ස්වභාවයක් පෙන්වයි. Dry skin එකක් නිරෝගීව තබා ගැනීමට නම් very carefully දිනපතා ස්වභාවික masks and moisturizers මගින් skin එකට අවශ්‍ය treatment කල යුතුයි.

  • Combination Skin

මෙහිදී, ඔබට ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැක. T කලාපයේ තෙල් සහිත ස්වභාවයක් හා අනෙකුත් ප්‍රදේශයේ normal හා වියලි ස්වභාවයක් පවතී. මෙවන් සමක් ඔබට ඇත්නම්, ඔබේ සමේ එම විවිධ ප්‍රදේශ වලට විවිධ treatment කල යුතයි. වියලි ස්වභාවයක් ඇති skin area එකට rich creams & moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත skin area එක නිරතුරුම ඉතා හොදින් පිරිසිදු කල යුතුයි.

  • Sensitive Skin

ඔබේ සම වියලි ස්වභාවයකින් යුතු නම්, තද ස්වභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි. Normally, reddish සහ කොරපොතු සහිත තැන් ඇති අතර කැලැල් ඇති කරන ස්වභාවයක් ඇති සමකි. මෙය ගැටළු වැඩිම skin type 1ක වන අතර ඉතා විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුයි. ආලේපන තොර ගැනීමේදී very careful විය යුතුයි.

Contact DailyLife.lk

or drop an E-Mail to