හිස් හොරි නොහොත් dandruff

Scalp එකේ ඇති dead cells එකතු වෙලා තමයි dandruff හැදෙන්නේ. අප අතරේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේ dandruff problem එක තියනවා. අද තියෙන busy lifestyle එකත් එක්ක බොහෝ කාන්තාවන් පුරුදු වෙලා ඉන්නේ විවිධ shampoo වර්ග use කරන්න. සමහර විට තමන්ගේ hair එකට ගැලපෙන shampoo එකක් select කර නොගැනීම හා ප්‍රමිතියෙන් තොර products තෝරා ගැනීම නිසා dandruff problem එක තවත් වැඩි වෙන්න පුළුවන්. අපි අද බලමු natural දේවල් use කරලා කොහොමද dandruff අඩු කර ගන්නේ කියලා.

  • මුං ඇට පිටි, මුදවාපු කිරි සමග mix කර scalp එකේ apply කර පැයකට පමණ පසු සෝදා හරින්න.
  • Scalp එකේ ඇති dryness එක හින්දත් dandruff ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෝමාරිකා මද scalp එකේ apply කරන්න
  • අමු නෙල්ලි පොල් සමඟ තම්බා අඹරා හිසේ ගාන්න.
  • බිබිල දළු, දෙහි ගැට, උළු හාල් පොල් කිරෙන් අඹරා තම්බා පොඩි කර scalp එකේ ගාන්න.
  • නෙල්ලි හා කීකිරිදිය එකට කොටා යුෂ scalp එකේ ගාලා ටික වෙලාවකට පසු සෝදා හරින්න.
  • බිත්තර සුදු මදය දෙහි සමග mix කර ගල්වා පැයකට පසු සෝදා හරින්න.

Contact DailyLife.lk

or drop an E-Mail to