නවීන කාලෙට ගැලපෙන අලුත් ආකාරයකට නිය හැඩගන්වමු

කාන්තාවන් නිය ආලේපන වලට බොහෝ ඇල්මක් දක්වනවා. සාමාන්‍යයෙන් අපි nail polish එකක් තෝරද්දී එකපාරටම අපේ ඇහැ යන්නෙ අපි කැමතිම පාට ට. කැමතිම පාට හම්බුනා කියලා අපි ඉතා සතුටට පත් වෙනවා . එහෙත් වෙළඳපොලේ විවිධ වර්ණයන්ගෙන් බොහෝ නිය ආලේපන තිබුනත් ඔබට ගැලපෙන නිය ආලේපනයක් තෝරාගැනීම ටිකක් අසීරු වෙනවා. ඔබ දන්නවාද ඔබගේ නිය ආලේපනය ඔබගේ පෞද්ගලිකත්වය ගැන බොහෝ කරුණු කියා පාන බව.

සමේ පැහැය

නිය ආලේපනයක් තෝරාගැනීමේදී සමේ පැහැය ගැනත් සැලකිළිමත් වීම වැදගත් වෙනවා. ඔබට තිබෙන්නේ පැහැපත් සමක් නම් රෝස පැහැයට හුරු සැහැල්ලු වර්ණ තෝරාගන්න. රත් පැහැය හැර වෙනත් අඳුරු වර්ණ තෝරා නොගැනීමට මතක තබාගන්න. මධ්‍යම ප්‍රමාණය සමක් නම් රන්වන් පැහැයෙන් යුත් නිය ආලේපන තෝරාගන්න. රෝස පැහැයට ආදරය කරන ඔබට මෙය සුභ ආරංචියක් වේවි.

ඕනෑම සමක් සඳහා රෝස පාට ගැලපෙනවා. පැහැපත් සමකට ගැලපෙන්නෙ ලා රෝස පාටයි. තළෙළු සමක් සඳහා Peach වර්ණයට හුරු රෝස පාට ගැලපෙනවා. ඉතා දීප්තිමත් රෝස පාට කළු සමක් සඳහා ගැලපෙනවා.

නිල්පාට කියන්නේ විශ්වීය වර්ණයක්. පැහැපත් සමක් සඳහා Navy blue color එක ගැලපෙනවා. තළෙළු සමක් සඳහා ගැලපෙන්නෙ sky blue. අඳුරු සමක් සඳහා ඉතා දීප්තිමත් නිල් පාට ගැලපෙනවා.

අඳුරු සමක් සතුව ඇති අයට ඕනෑම වර්ණයක් ගැලපෙනවා. වෙළඳපලේ ඇති ඕනෑම වර්ණයක් තෝරාගැනීමට ඒ අයට හැකියාව පවතිනවා.

අවස්ථාවට ගැළපෙන ආකාරයට

ඔබ නිය ආලේපනය කරන්නේ කුමන අවස්ථාවකට සහභාගි විමට දැ යි යන්න ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතා විශේෂයක් නැති කැපීපෙනීමේ අඩු මධ්‍යස්ථ පාට ඕනෑම අවස්ථාවක් සඳහා ගැලපෙනවා. එදිනෙදා ගමන් බිමන් වලදී, රාජකාරියට යාමේදී, සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීමටත් මෙම පාට ඉතාමත් යෝග්‍ය වෙනවා .නිවාඩු හෝ විනෝද අවස්ථාවන් සඳහා රතු වැනි දීප්තිමත් අඳුරු වර්ණ ගැලපෙනවා.

ඔබේ ඇඳුමට සහ මේකප් එකට ගැලපෙන ආකාරයට

ඔබේ ඇඳුම සමග නිය ආලේපනය හැමවිටම ගැලපෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. එහෙත් තොල් ආලේපනයක් සමග නිය ආලේපනය ගැළපෙනවා නම් ඔබට වඩාත් වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට හැකි වෙනවා.

නවතම ප්‍රවණතාව ( නව රැල්ල)

නූතන සමාජයට දවසින් දවස වෙනස් වෙමින් බොහෝ විලාසිතා එකතු වෙනවා. සමහර වෙලාවට ඒවා හරි පුදුමාකාරයි. ඒ දේවල් අධ්‍යයනය කරන්න මතක තබාගන්න. එහෙත් ඒවා ඔබට ගැළපෙනවා නම් පමණක් ඒ තුළින් ඔබට අපහසුවක් නොදැනෙනවා නම් පමණක් ඒ විලාසිතාවන් අනුගමනය කරන්න

කැමති වර්ණය

කවුරු කෙසේ මොන වගේ දේවල් කිව්වත් ඔබ කරන්නේ ඔබට ඕන දේ. ඒ කියන්නේ ඔබේ සිත ඉල්ලන දේ. ඔබේ සමේ පැහැය සමඟ කොතරම් නොගැලපුනත් ඔබ තෝරාගන්නේ ඔබ කැමති වර්ණය. එබැවින් ඔබේ ප්‍රියතම වර්ණය වෙනස් ඇඳුම් කට්ටල හා ඊට ගැළපෙන අවස්ථාවන් සමග ගැලපීමට උත්සාහ කරන්න.

වැළකී සිටිය යුතු දේවල්

ඔබට ඇත්තේ ඉතාමත් ප්‍රසන්න සුමුදු සමක් නම් ඉතා අඳුරු වර්ණ භාවිතා නොකරන්න. ඔබට ඇත්තේ කොටු හැඩයෙන් යුත් නියපොතු නම් Light colours භාවිතා නොකරන්න

හොඳම නිය ආලේපන වර්ණ තෝරා ගැනීම අපහසු දෙයක් නොවේ. මුලින්ම සමහර දේවල් අත්හදා බලන්න. එතකොට ඉක්මනින්ම හොදම එක තෝරා ගන්නා ආකාරය ඔබට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔබේ නියපොතු අලංකාර කරන්න ඔබ ඉගෙන ගන්නවා. ඒ තුළින් ඔබට සෑම මිනිත්තුවකදී ම සතුටින් සිටීමට පුළුවන් වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to