නිරෝගී කෙස් කලබකට රහස් 7ක් ...

නිරෝගී කෙස් කලබක් කියන්නේ ඔයාගේ beauty එක තීරණය කරන ඉතා වැදගත් දෙයක්. Healthy hair එකක් ලබා ගන්න ගොඩක් දේවල් බලපානවා. Healthy hair එකක් maintain කර ගන්න නම් ඔයාලාට ඔයාලගේ hair එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ.

  • Trim your split ends

මසකට සැරයක්, හිසකෙස් අග කොටස කැපීම, ඕනෑම කාන්තාවක්/තරුණියක් අනිවාර්යෙන් කල යුතු කරුණකි. මෙමගින් හිස කෙස් වර්ධනය මෙන්ම කෙස් ගසට නිරෝගිමත් පෙනුමක් හා sleeker look එකක් ලැබේ.

  • කෙස් ගස, උෂ්ණත්වයට නිරාවරණය වීමේදී සැලකිලිමත් වන්න

Blow drying, hair straightness, curling සහ irons වැනි කෙස් ගසේ ස්වභාවය වෙනස් කරන විලාසිතා කිරීමේදී, නිසි උෂ්ණත්වය, නිවැරදි ප්‍රමාණයෙන් භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.

  • Use leave in conditioner

Conditioner භාවිතයේදී වැඩි වෙලාවක් හිසකෙස් මත පවතින conditioner එකක් තෝරා ගන්න. එමගින් ඔබේ හිස කෙස් වලට දිප්තිමත් ස්වභාවයක් ලැබෙනවා පමණක් නොව, හිස කෙස් පෝෂණය කරයි.

  • Shampoo and Conditioner

ඔබේ හිස කෙස් වර්ගය අනුව shampoo සහ conditioner select කර ගන්න. ස්නානය කිරීමේදී හිස් කබලට gentle massage එකක් සමග මේවා භාවිතා කිරීමෙන්,දිදුලන නිරෝගී කෙස් කලබක් ඔබට පවත්වා ගත හැක.

  • Temperature at the shower

හිස කෙස් සේදීමේදී නිසි උෂ්ණත්වය ඇති වතුර භාවිත කරන්න. ඇල් මැරුණු හෝ කාමර උෂ්ණත්වය ඇති ජලය ඉතා සුදුසු වන අතර conditioner ඉවත් කිරීමට සිසිල් ජලය භාවිත කරන්න.

  • හිසකෙස් රැදවීමට ඉලාස්ටික් භාවිතා නොකරන්න

එමගින් ඔබේ හිසකෙස් හානිවන බැවින් ඒ සදහා bobby pins හෝ hairbands භාවිත කරන්න.

  • Use Olive oil

රාත්‍රී කාලයේදී olive oil භාවිතයට පුරුදු වන්න. එමගින් මනා පෝෂණයක් හිස කෙස් වලට ලැබේ.

Contact DailyLife.lk

or drop an E-Mail to