පැහැපත් සමක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු 08ක්
- Wash Gently
මෙය බොහෝ දෙනා අතපසු කරන නමුත් ඉතා වැදගත් කරුණක්. සමට මෘදු circular motion එකකින් සම පිරිසිදු කිරීම අනිවාර්ය skin care කරුණක්. මෙහිදී සම ස්පර්ශ කිරීම හා ඇදීමෙන් වලකින්න ඕනේ .
- Select the Cleansing Creams Based on your Skin Texture
හැම skin type එකකටම ගැලපෙන එක cream එකක් market එකේ කොහෙවත් නැහැ. ඔයාලාගේ skin එක dry සහ ඉතා තද skin එකක් නම්, මෘදු ingrediants තියෙන rich creamy cleanser එකක් use කරන්න. ඔයාලාට තියෙන්නේ තෙල් සහිත සිදුරු ඇති skin එකක් නම්, once a week වත් ඔබේ මැරුණු සම ඉවත් කිරීමට, මෘදු scrub එකක් use කරන්න. ඔයාලාට තියෙන්නේ sensitive skin එකක් නම්, තෙල් සහ සුවද විලවුන් මිශ්‍ර නැති, ස්වභාවික නිෂ්පාදනයක් use කරන්න.
- Apply a Sun Cream
හිරු එළිය body එකට අවශ්‍ය දෙයක් උනත්, ඔයාලාගේ skin එකට එය ගොඩක් හොද දෙයක් නෙමේ. හොද sun cream එකක් ඔයාලාගේ skin එක රැලි වැටීමට හේතු වන හිරු කිරින වලින් ආරක්ෂා කරන අතර sun spots, rashes and cancer වලින්ද ආරක්ෂා කර, සමේ තෙතමනය පවත්වා ගැනීමට ඉතා හොද moisturizer එකක් ලබා දෙනවා. ඉතින් ඔබත් දිනපතා පුරුද්දක් කර ගන්න, හිරු එලිය අඩු හෝ වැඩි උනත් suncream එකක් use කරන්න. එමගින් ඔබේ Skin එකට මනා පෝෂනයක්ද ලැබෙනවා.
- Drink More Water
Hydrated skin is great skin! නමුත් ගොඩ දෙනෙක් daily වතුර පානය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. බොහෝ අයගේ මතය නම් දිනකට වතුර විදුරු 8 ක් වත් පානය කිරීම අත්‍යවශ්‍ය බව. ඒ වගේම fruits and vegetables මගින්ද ශරීරයට අවශ්‍ය ජලය ලැබෙනවා.
- Limit your Sugar Consumption
අධික පැණිරස කෑම ඔබේ වයසට යාම ඉතා වේගයෙන් වැඩිකරන අතර ශරීරයේ පටක වලටද හානි කරනවා. නොයෙකුත් infections වලට ගොදුරු වන අවස්ථාද වැඩි වෙනවා.පැණිරස භාවිතය අඩු කල සහ limit කල බොහෝ කාන්තාවන් ඔප්පු කරන්නේ ඔවුනට ඉතා හොද සමක් තියනවා කියලා.
- Control your Fats Consumption
අත්‍යවශ්‍ය fatty acids මෘදු සමකට, පටක වලට හා තරුණ සමකට හොඳින් ඕනේ කරනවා. ඒක හින්දා එක පාරටම ඔයාලාගේ diet එකේ ඇති සියලුම මේද සහිත ආහාර ඉවත් කරන්නට එක්මන් වෙන්න ඕනේ නෑ. Healthy skin එකක් maintain කර ගන්න, Salmon, mackerel, ඇට වර්ග, ධාන්‍ය හා මාළු වැඩි පුර ආහාරයට එකතු කර ගන්න. ඒවා Omega 03 බහුල ආහාර වර්ගයි.
- Maintain your Hormone Level
Healthy skin එකක් ලබා ගන්නනම්,ඔබට ඔබේ estrogen කියන හෝමෝනය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඔයාලාගේ skin එක මෘදුව හා නම්‍යශීලීව පවත්වා ගන්න මෙම හෝමෝනය හේතු වන අතර ඔයාලා වයසට යනවාත් එක්කම මේ hormone level එක පහල බසිනවා. එවිට ඔබේ skin එකට මහලු පෙනුමක් එන අතර රැලි වටීමකටද ලක් වෙනවා. Green vegetables මේ hormone level එක පවත්වා ගැනීමට ඉතා උපකාරී වෙනවා. (Vitamin A, C and Antioxidants). Glycerin and Hyaluronic acid අඩංගු face cream ද Skin එකට ඉතා සුදුසුයි. එවැනි cream එකක් use කරනවානම්, හොඳ results ලබා ගන්න දවසට 02 පාරක්වත් ගාන්න ඕනේ.
- Keep it Simple
ඉහත සදහන් සියලුම උපදෙස් පිලිපැදීමෙන් පසු ඔබේ සම සරලව, නිදහස්ව තබා ගන්න. ඒවගේම , උදැසනට ඔබේ lotion ආලේපනයට ද මිනිත්තු කිහිපයක් වැය කරන්න. ඔබේ skin එක එයට බොහෝ කැමතියි.