සොෆ්ට් චොක්ලට් ෆ්රොස්ටින් එක්ක යෙලෝ කේක්...

බටර් කේක් රසට චොක්ලට් රසත් එකතු උනහම කොහොමට තියෙයිද. අපි අද හදමු සොෆ්ට් චොක්ලට් ෆ්රොස්ටින් එක්ක යෙලෝ කේක්. මේ කේක් එක හදන්නෙත් බටර් කේක් හදන විදිහටමයි. පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය : කේක් බැටර් එක සදහා

  • ලුණු සහිත බටර් - 250g
  • සුදු සීනි - 250g
  • වැනිලා - තේ හැඳි 01
  • බිත්තර කහ මද - 06
  • පිටි - 250g
  • බේකින් පව්ඩර් - තේ හැඳි 02
  • කිරි - 110ml

අවශ්‍ය ද්‍රව්‍ය : අයිසිං මිශ්‍රණය සදහා

  • ලුණු සහිත බටර් - 150g
  • අයිසිං සීනි - 250g
  • වැනිලා - තේ හැඳි 01
  • කිරි - මේස හැඳි 02
  • කොකෝවා පව්ඩර් - 150g
  • අලංකාර කිරීම සදහා ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය:

  • බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • බිත්තර කහ මද එක එක දදා බීට් කරන්න.
  • වැනිලා ටික එකතු කරන්න.
  • බටර් මිශ්‍රණයට පිටි ටිකයි බේකින් පව්ඩර් ටිකයි දාගන්න.
  • කිරි ටික එකතු කර ගන්න.
  • බේකින් පෑන් වල බටර් ටිකක් ගාලා ඒකට උඩින් පිටි ටිකක් දාගන්න. එතකොට කේක් එක බේකින් පෑන් එකෙන් ගලවාගන්න පහසුයි.
  • දැන් මේ බැටර් එක සමානව බේකින් පෑන් වලට දාගන්න.
  • කේක් එක 180 ° C ක උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
  • චොක්ලට් අයිසිං එක සදහා මුලින්ම බටර් ටික ක්‍රීම් වෙනකන් බීට් කර ගන්න.
  • ඊළගට වැනිලා ටිකයි කොකෝවා පව්ඩර් ටිකයි දාගන්න.
  • කිරියි අයිසිං සීනියි ටික ටික දදා බීට් කරන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ එක කේක් එකක් උඩින් අයිසිං ටිකක් දාලා අනිත් කේක් එක ඒකට උඩින් තියාගන්න.
  • ඊළගට මුළු කේක් එකම අයිසිං වලින් කවර් කර ගන්න.
  • දැන් මේ කේක් එක තව ටිකක් ලස්සන වෙන්න ස්ප්‍රින්කල්ස් ටිකක් උඩින් දාගන්න.
Yellow Cake with Chocolate Frosting
Yellow Cake with Chocolate Icing
Yellow Cake covered with Chocolate Icing
Chocolate Icing with Sprinkles
Close up view of Yellow Cake
Piece of Yellow Cake with Chocolate
Wide view of Yellow cake with chocolate frosting

Contact DailyLife.lk

or drop an E-Mail to