රසයි ගුණයි දෙකම තියන කේල් කොළ මැල්ලුම

අපේ බත් එක රස වෙන්නයි ලස්සන වෙන්නයි නම් ඉතින් කොළ මැල්ලුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ නේ. රසයි ගුණයි දෙකම තියන කේල් කොළ මැල්ලුමක් හදා ගන්න විදිහ තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කේල් කොළ - මිටි 1/2
  • ගා ගත්ත පොල් - 70g
  • රස පදමට ලුනු
  • කහ කුඩු - තේ හැඳි 1/4
  • අමු මිරිස් - 02
  • ලොකු ළුණු - 1/2
  • සුදු ළුණු - බික් 01

සාදන ක්‍රමය:

  • මුලින්ම කේල් කොළ ටික නටුවෙන් අයින් කරලා හීනි වෙන්න කපා ගන්න. ඔයාලා මේ නටුවත් මැල්ලුමට දා ගන්නවානම් ඒ ටික හොඳටම හීනි වෙන්න කපා ගන්න.
  • ඊළගට ළුණුයි, සුදු ළුණුයි, අමු මිරිස් ටිකයිත් හීනියට කපා ගන්න.
  • දැන් මේ කපා ගත්ත ඔක්කොම ටික ඔයාලා මැල්ලුම හදා ගන්න භාජනයට දාලා එකටම කහ කුඩුයි, රස පදමට ලුනුයි දා ගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න. ඔයාලට මේ මැල්ලුම ටිකක් සැරට ඕනේ නම් මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් දා ගන්න.
  • අන්තිමට ගා ගත්ත පොල් ටිකත් දාලා පොඩ්ඩක් කලවම් කර ගන්න. ඔයාලට මේක මලවන්නේ නැතුව මේ විදිහට කන්නත් පුළුවන්.
  • දැන් මේ පෑන් එක ලිපේ තියලා අඩු ගින්දරේ විනාඩියක් දෙකක් විතර මේක මලවා ගන්න. ඔයාලා මේ මැල්ලුම ගොඩක් වෙලා මලවන්න එපා. එහෙම උනොත් එහෙම මේක තියන පෝෂණ ගුණය නැති වෙලා යයි. අනිත් දේ තමයි ඔයාලා ලිප් ඔෆ් කරන වෙලාවට මේක ටිකක් අමුවට වගේ තිබුනාට කමක් නෑ. මොකද ලිපෙන් අයින් කර ගත්තට පස්සෙත් භාජනේ රස්නෙට මේක තව ටිකක් මැලවෙනවා.
  • Kale Mallung
    Kale Mallung
    Kale Mallung
    Kale Mallung
    Kale Mallung
    Kale Mallung
    Kale Mallung

    Contact DailyLife.lk

    or drop an E-Mail to