අල චීස් කේක්

හැමදාමත් අල උයලම කාලා එපා වෙලා ඉන්න අයට අල වලින් වෙනස් විදිහකට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රස පදමට ලුනු
  • රස පදමට ගම්මිරිස් කුඩු
  • නැවුම් කිරි - 60ml
  • පාන් පිටි - 35g
  • බේකින් පවුඩර් - 01g
  • කහ පාට අර්තාපල් - 500g
  • චීස් පෙති - 85g
  • හීනියට ගාගත්ත මොසැරල්ලා හෝ චෙඩර් චීස් - මේස හැඳි 03
  • පාන් කුඩු - මේස හැඳි 01
  • බේකන් - 80g

සාදන ක්‍රමය:

  • මුලින්ම පොතු ඇරලා සෝදා ගත්ත අල ටික හීනියට පෙති කපා ගන්න.
  • දැන් මේ අල පෙති ටික ටිෂු එකක් හරි කිචන් ටවල් එකක් හරි උඩට දාලා අල වල තියන වතුර ගතිය නැති වෙන්න ටිකක් පිහදා ගන්න.
  • දැන් වෙනමම ටිකක් ලොකු බෝල් එකක් අරගෙන බිත්තරයි, ලුනුයි, ගම්මිරිස් කුඩුයි, කිරි ටිකයි එකට දාලා හොඳට කලවම් .කර ගන්න.
  • ඊලගට මේකට පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි එකතු කර ගන්න.
  • දැන් කලින් කපා ගත්ත අල පෙති ටික මේකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊලගට බටර් ගාලා ලෑස්ති කර ගත්ත බේකින් ට්‍රේ එකකට මේ අල මිශ්‍රණයෙන් භාගයක් දා ගන්න.
  • දැන් මේකට උඩින් චීස් පෙති ටිකයි, බේකන් කෑලි ටිකයි තියලා ඉතුරු අල ටික උඩින් දාලා මේක කවර් කර ගන්න.
  • අන්තිමටම මේ කේක් එක 170C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 50ක් විතර බේක් කර ගන්න.
  • ඔයාලාට මේක ෆ්‍රිජ් එකේ දා ගත්තහම දවස් දෙක තුනක් උනත් තියා ගෙන කන්න පුළුවන්.
  • Potato Cheese Cake
    Potato Cheese Cake
    Potato Cheese Cake
    Potato Cheese Cake
    Potato Cheese Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to