වයිට් චොක්ලට් ෆජ් රසට හදමු

තේ එකක් එක්ක නියමෙට ගැලපෙන කෑමක් තමයි වයිට් චොක්ලට් ෆජ්. වයිට් චොක්ලට් ෆජ් එක රසට ගෙදරදීම හදා ගන්න එක හරිම ලේසියි. ඔයාලට කරන්න තියෙන්නේ වයිට් චොක්ලට් ටිකයි, බටර් ටිකයි, ටින් කිරි ටිකයි එකට කලවම් කර ගන්න එක විතරයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලුනු සහිත බටර් - 45g
  • වයිට් චොක්ලට් - 450g
  • ටින් කිරි - 397g
  • වැනිලා - තේ හැඳි 01
  • පොඩියට කපා ගත්ත කජු - 75g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම වයිට් චොක්ලට් ටිකයි, බටර් ටිකයි, ටින් කිරි ටිකයි පෑන් එකකට දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ පෑන් එක ලිපේ තියලා මද ගින්දරේ මේ ඔක්කොම ටික දිගටම හැඳි ගාන ගමන් හොඳට කලවම් කර ගන්න.
  • මිශ්‍රණය තරමක් ඝන උනහම වැනිලා ටිකයි කජු ටිකයි එකතු කර ගන්න.
  • දැන් මේ මිශ්‍රණය භාජනයේ වැඩිය ඇලෙන්නේ නැති මට්ටටම ආවහම ඉක්මනින් මිශ්‍රණය බටර් ගාගත්ත තැටියකට දාලා මට්ටම් කර ගන්න.
  • ඊළගට මේක හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
  • මේ ෆජ් එක හොඳට සෙට් උනහම කෑලි වලට කපලා රස විදින්න.
  • White Chocolate Fudge
    White Chocoalte Fudge
    White Chocolate Fudge
    White Chocolate Fudge
    White Chocolate Fudge

    Contact DailyLife.lk

    or drop an E-Mail to