වැනිලා ස්පොන්ජ් කේක්

හොඳට සොෆ්ට් එකට හිටින්න රසට හදන වැනිලා ස්පොන්ජ් කේක් රෙසිපි එක තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර කහ මද - 05
  • බිත්තර සුදු මද - 05
  • කිරි - 50ml
  • තෙල් - 50ml
  • සීනි - 160g
  • පාන් පිටි - 160g
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • දෙහි යුෂ - තේ හැඳි ½

සාදන ක්‍රමය:

  • බිත්තර සුදු මද ටික කහ මද වලින් වෙන් කර ගන්න.
  • වෙන් කර ගත්ත බිත්තර සුදු මද ටික ටිකක් වෙලා බීට් කර ගන්න.
  • දෙහි යුෂ ටික එකතු කරන්න.
  • සීනි ටික ටික දදා බීට් කරන්න.
  • බිත්තර තියන බෝල් එක අනිත් පැත්ත හැරව්වහම බීට් කර ගත්ත බිත්තර ටික බිමට වැටෙන්නේ නැතුව බෝල් එකේම ඇලිලා හිටින මට්ටමට එනකන් බීට් කර ගන්න ඕනේ.
  • මේ බිත්තර ටිකට බිත්තර කහ මද ටික දාලා හෙමිහිට ෆෝල්ඩ් කර ගන්න.
  • පිටි වලට ලුනු ටික දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ පිටිත් ටික ටික බිත්තර එකට දාගෙන ෆෝල්ඩ් කර ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ තෙල් ටිකයි, වැනිලායි, කිරි ටිකයි දා ගන්න.
  • බේකින් ට්‍රේ එක වටේටම පාර්ච්මන්ට් කොලයක් දා ගන්න. මේ කේක් එක බේක් වෙනකොට ටිකක් වැඩිපුර පිම්බිලා එනවා. ඒක හින්දා පාර්ච්මන්ට් කොලය බේකින් ට්‍රේ එකට වඩා ටිකක් උසට දා ගන්න.
  • දැන් මේ කේක් එක 150° C ක උෂ්ණත්වයක විනාඩි 30ක් 40ක් විතර බේක් කර ගන්න.
  • කේක් නිමෙන්න තියලා රස විදින්න.
Egg Whites
Vanilla Sponge Cake
Vanilla Sponge Cake
Pieces of Vanilla Sponge Cake

Contact DailyLife.lk

or drop an E-Mail to