බිත්තර නැති වැනිලා කස්ටර්ඩ් කේක්

බිත්තර දාන්නේ නැතුව හදාගන්න මේ වැනිලා කස්ටර්ඩ් කේක් එක බිත්තර කන්නේ නැති ඔයාලට හොඳ අතුරුපසක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • උණුසුම් කිරි - 250ml
  • වැනිලා කස්ටර්ඩ් පවුඩර් - 60g
  • පිටි - 225g
  • සීනි - 150g
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • බේකින් සෝඩා - තේ හැඳි 1/2
  • තෙල් - කෝප්ප 1/2
  • ඩාර්ක් චොක්ලට් - 75g

සාදන ක්‍රමය

  • වැනිලා කස්ටර්ඩ් පවුඩර් ටික උණුසුම් කිරිත් එක්ක හොඳින් මිශ්‍ර කරලා පැත්තකින් තියා ගන්න.
  • බෝල් එකක අනිත් ද්‍රව්‍ය සියල්ලක්ම එකට දාලා හොඳින් මිශ්‍ර කරන්න. (චොක්ලට් හැර)
  • මේ මිශ්‍රණයට දිය කර ගත්ත කස්ටර්ඩ් ටික ටික දදා හොඳට කලවම් කරන්න.
  • කලින් සකස් කර ගත්ත බේකින් පෑන් එකකට කේක් මිශ්‍රණය දාගන්න.
  • දැන් මේ කේක් එක 180°Cක උෂ්ණත්වයක විනාඩි 30ක් විතර බේක් කර ගන්න.
  • කේක් එක බේක් උනාට පස්සේ නිමෙන්න තියලා අනිත් පැත්ත හරවාගන්න.
  • චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩින් දා ගන්න.
Vanilla Custard Cake
Vanilla Custard Cake Side View
Vanilla Custard Cake Top View
Vanilla Custard Cake Vertical View
Vanilla Custard Cake
Vanilla Custard Cake

Contact DailyLife.lk

or drop an E-Mail to