බටර් ක්‍රීම් අයිසිං වලින් හැඩ උන වැලන්ටයින් රෝස් කේක්

මේ වැලන්ටයින් එකට හදන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි මේ රෝස් කේක් එක. බටර් ක්‍රීම් අයිසිං වලින් හැඩඋන මේ කේක් එක ලස්සන වගේම හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය : කේක් මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 250g
  • සීනි - 250g
  • මාගරින් - 250g
  • බිත්තර - 04
  • කිරි - කෝප්ප 1/4
  • බේකින් පව්ඩර් - තේ හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය : බටර් ක්‍රීම් අයිසිං සදහා

  • හලාගත්ත අයිසිං සීනි - 350g
  • කාමර උෂ්ණත්වයේ බටර් - 150g
  • වැනිලා - තේ හැඳි 01
  • කිරි - තේ හැඳි 01
  • ෆුඩ් කලරින්

සාදන ක්‍රමය:

  • මුලින්ම මාගරින් සහ සීනි එකට දාලා සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • බිත්තර එක එක මාගරින් එකට දදා බීට් කරන්න.
  • ඊළගට වැනිලා ටික දාගන්න.
  • පිටි ටික බේකින් පව්ඩර් ටිකත් එක්ක කලවම් කරලා පිටි ටික ටික බැටර් එකට එකතු කර ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනහම කිරි ටික දාගන්න.
  • දැන් මේ කේක් මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා 180° C ක් උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
  • බටර් ක්‍රීම් අයිසිං එක හදා ගන්න මුලින්ම බටර් ටික ලා පාටට එනකන් විනාඩි 05ක් විතර හොඳට බීට් කර ගන්න.
  • දැන් මේකට වැනිලා ටිකයි කලරින් ටිකයි දා ගන්න.
  • ඊළගට අයිසිං සීනි ටිකෙන් භාගයක් දාලා බීට් කරන්න.
  • දැන් කිරි ටිකයි ඉතුරු අයිසිං සීනි ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියලා කේක් එක මැද්දෙන් හරස් අතට කපා ගන්න.
  • දැන් එක කේක් කොටසක් උඩින් අයිසිං ටිකක් දාලා අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න.
  • දැන් මුළු කේක් එකම අයිසිං වලින් කවර් කර ගන්න.
  • ඊළගට අයිසිං ටික පියිපින් බෑග් එකකට දාලා රෝස මල් හැඩ වලින් මුළු කේක් එකම කවර් කර ගන්න.
Top view of Valentine Rose Cake
Piece of Valentine Rose Cake
Close up view of Valentine Rose Cake
Valentine Rose Cake
Valentine Rose Cake
Vertical View of Valentine Rose Cake

Contact DailyLife.lk

or drop an E-Mail to