ගෙදර හදපු ටුවික්ස් බාර්ස්

නත්තලට ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් තවත් රසම රස ඩෙසර්ට් එකක් තමයි මේ ටුවික්ස් බාර්ස්.

අවශ්‍ය ද්‍රව්‍ය: ක්‍රස්ට් එක සදහා

  • මාගරින් - 120g
  • සීනි - 30g
  • පාන් පිටි - 160g
  • ලුනු - තේ හැඳි ½

අවශ්‍ය ද්‍රව්‍ය: කැරමල් එක සදහා

  • ටින් කිරි - 397g
  • මාගරින් - 50g
  • දුඹුරු සීනි - 50g
  • ලුනු - තේ හැඳි 1/4
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් ටොපින් සදහා

  • චොක්ලට් - 200g
  • මාගරින් - 30g

සාදන ක්‍රමය

  • මාගරින්, සීනි, ලුනු එකට දාලා ක්‍රීම් ගතියට එනකන් හොඳට කලවම් කර ගන්න. මිශ්‍රණය ක්‍රීම් ගතියට ආවාට පස්සේ මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න.
  • පිටි ටික ටිකක් කලවම් උනාට පස්සේ මේ ඩෝ එක තවත් විනාඩි 5ක් විතර හොඳට අතින් කලවම් කර ගන්න.
  • දැන් මේක බේකින් පෑන් එකකට දාලා හොඳට තද කර ගන්න. 180° Cක උෂ්ණත්වයක මේක විනාඩි 20ක් බේක් කර ගන්න. බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • කැරමල් එක හදා ගන්න, ටින් කිරි ටිකයි, දුඹුරු සීනි ටිකයි, මාගරිනුයි, ලුනුයි භාජනයකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
  • දිගටම හැඳි ගාන ගමන් විනාඩි 5ක් විතර කිරි ටික ටිකක් ඝන වෙනකන් උණු කර ගන්න. මේ අතරතුරේදී වැනිලා ටිකත් දා ගන්න.
  • දැන් කලින් හදා ගත්ත ක්‍රස්ට් එක උඩින් මේ කිරි ටික දා ගෙන ආයෙත් විනාඩි 12ක් 15ක් විතර 180° Cක උෂ්ණත්වයක බේක් කරන්න. කලින් වගේම බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • චොක්ලට් ටොපින් එක හදා ගන්න, චොක්ලට් ටිකයි, මාගරින් ටිකයි එකට දාලා දිය කර ගන්න. දැන් මේ දිය කර ගත්ත චොක්ලට් ටික කැරමල් එක උඩින් දා ගන්න.
  • චොක්ලට් ටික හොඳට සෙට් වෙනකන් විනාඩි 30ක් විතර මේක ෆ්‍රිජ් එකේ තියන්න. ඩෙසර්ට් එක හොඳටම සෙට් උනාට පස්සේ රස්නේ පිහියකින් කෑලි වලට කපා ගන්න.
Homemade Twix Bars
Close up view of Homemade Twix Bars
Homemade Twix Bars
Homemade Twix Bars
Homemade Twix Bars

Contact DailyLife.lk

or drop an E-Mail to